25 June 2011

◄රට රටවල රෝන්දෙ ගහන්න කියල දෙන්නයි අපේ ලෑස්තිය

Samolet-13

අද ටිකක් වෙනස්ම මාතෘකාවක් ගැන කතා කරන්නයි යන්නෙ. රට රටවල ඇවිදින්න අපි කොයි කවුරුත් ආසයිනෙ. ඒකට පොඩි support එකක් දෙන්න පුලුවන්නම් කියල හිතිලයි මේක ලියන්නේ.මේක Short-Kut එකක් මත් නෙමෙයි,කාටහරි කවදාහරි වැදගත් වෙයි කියල හිතුන හින්දයි මේ ආකාරයේ දෙයකුත් එකතු කරන්න හිතුනෙ. රට රට වල සංචාරය කරන්න නම් ඉතින් අපිට වීසා කියන දේ අනිවාර්යයි. වීසා එකක් නැතුව කොයි රටකට වත් ඇතුල් වෙන්න නීතිමය අවසර අපිට නැහැ. වීසා ගැන කතා කරද්දීත් වීසා වර්ග කිහිපයක්ම තියෙනවා හැම රටකම. ඉතින් මගේ බලාපොරොත්තුව රවුමක් ගහන්න යන අයට රටවල් කිහිපයක සංචාරක වීසාවක්‌ (tourists visa / visit visa) එකක් නිවැරදිව අයදුම් කරන්නේ කොහොමද කියල කියල දෙන්නයි.

මුලින්ම කියන්න ඕන මේ ගැන, මම මේ කට්ටියව රට යවන ඒජන්සි කරන පොරක් නම් නෙමෙයි.Smile with tongue out පෞද්ගලිකව මේ දේවල් ගැන හොයල බලල සහ අයදුම් කරලා සාර්ථක වුන අවස්ථා සහ අත්දැකීම් මතයි මම මේ කරුණු ඔබ වෙත ගෙන එන්නෙ. ඒ හින්ද මචන් මාව අරෙහෙට ගෙනිහින් දාපන්, මෙහේ එක්ක පලයන් කියල පණිවුඩ නම් තියන්න එපා Winking smile

හරි මේක හිතන තරම් ලේසි කාරණයක් නෙමෙයි, හැබැයි හරියට තේරුම් ගතහොත් ඒජන්සියකට බරගානක් ගෙවල යන සංචාරයේ මුදල් ඉතිරි කරගෙන හොඳට විනෝද වෙන්න පුළුවන්. තමන්ටම කරගන්න පුළුවන් පුංචි පුංචි දේවල් වලට මොකටද ලොකු ගණන් වියදම් කරන්නෙ. අන්න ඒකයි Short-Kutz බ්ලොග් කරණයට මේකත් එකතු වෙන්නෙ.

මම දන්නා කියන රටවල් කිහිපයකට සංචාරක වීසා සඳහා අයදුම් පතක් නිවැරදිව ඉදිරිප්පත් කරන ආකාරය ලිපි පෙළක් ආකාරයට ඉදිරියට ගෙන එන්න සූදානම් වෙනවා. Smile 

එම ලිපි ඉදිරියට කොටස් වශයෙන් පල කරන්න තමයි මගේ බලාපොරොත්තුව. මොකද එක් ලිපියකින් එක රටක වීසා ලබාගැනීම ගෙනහැර දක්වන්න අමාරුයි.

මේ එම ලිපි පෙළ පල කිරීමට ප්‍රථම කරන හඳුවදීම පමණි.Nerd smile

මේ පිළිබඳව ඔබේ අදහස් හා යෝජනා දැන ගන්න කැමති.

* ඒ වගේම ඔබ සතුවත් යම් කිසි මේ සම්බන්ධ දැනුමක් තියෙනම් අනිත් අය සමගත් බෙදා ගන්න කැමති නම්, එයද මේ ලිපි මාලාවට එක් කිරීමේ හැකියාවක් පවතිනවා. එසේ ලිපියක ඉදිරිපත් කරන්න පුලුවන්නම් අපගේ අඩවියේ ඉහත ඇති “contact” පිටුවට පිවිස විස්තර විමසිය හැකියි. එය ඔබගේම blog අඩවියක ප්‍රකාශයට පත කර සබැඳියක් පමණක් සැපයීමද ප්‍රමාණවත්. මොකද මෙහි ප්‍රධාන අරමුණ දැනුම හුවමාරු කරගැනීම පමණයි.

23 June 2011

◄Network අවුල් වලට තිත, Internet එක Repair කරන අලුත්ම Short-Kut එක

 

අන්තර්ජාලය දැන් ගොඩක් අයගේ ජීවිතයේම කොටසක් වෙලානේ. නිතරම අන්තර්ජාලය සමග ගණුදෙනු කරන අය, විවිධ අත් හදා බැලීම්, නොයෙකුත් දෑ බාගත කරගෙන install කරන්න ගිහින් කන කටු අනන්තයි අප්‍රමාණයි. ඔය අතරින් තියෙන ලොකුම හිසරදයක් තමයි හිටපු ගමන් internet connection එක වැඩ නැතුව යනවා, නැත්නම් පට්ට slow වෙනව, එක්කො connection එක drop වෙන්න ගන්නවා. නැත්නම් නොයෙක් වර්ගයේ network errors එනව. ඔය හැම අත්දැකීමක්ම මට තියෙනවා. ඕවට පිළියම් කරන හැටි google පාරක් දාල හෙව්වොත් පත සයිස් පියවර රාශියක් තියෙන පිළියම් දැක්කම මීට වඩා හොඳයි format පාරක් දාල ගොඩ ගන්න එක කියල හිතෙනවා.

ඒත් දැන් Internet connection / network ගැටළුවක් පහසුවෙන්ම විසඳලා දෙන Short-Kut එකක් තියෙනවනෙ බොලේ. Smile with tongue out මේක නිතර දෙවේලේ නම් ඕන වෙන software එකක් නෙමෙයි, ඒත් අරගෙන install කරල තියගත්තම කොයි මොහොතේ හෝ වැදගත් වෙයි. අඩු ගානෙ download කරගෙන වත් තියාගන්න. මොකද මම කාපු කටු වල හැටියට ඕකෙ රහ හොඳට දන්නවා Rolling on the floor laughing 

මේකයි software එක : Complete Internet Repair

මේක freeware එකක් නිසා, keys හොයන්න දඟලන්න ඕනෙත් නැහැ

මේකෙන් ඔයාලට එක click එකකින් network issues හදාගෙන internet එක fix කරගන්න පුළුවන්.

මෙන්න මේ දේවල් මෙයාට කරන්න පුළුවන්

  • Reset Internet Protocol (TCP/IP)
  • Repair Winsock (Reset Catalog)
  • Renew Internet connections
  • Flush DNS Resolver Cache
  • Repair Internet Explorer 9
  • Clear Windows Update History
  • Repair Windows / Automatic Updates
  • Repair SSL / HTTPS / Cryptography
  • Reset Windows Firewall configuration
  • Restore the default hosts file
  • Repair Workgroup Computers view

මෙන්න මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න මෙයාගේ උදවු ලේසියෙන්ම ලැබෙනවා

  • adware, spyware, virus, worm, Trojan horse වගේ දේවල් අයින් කරාට පසුව එන Internet සහ network ගැටළු.
  • adware, spyware, antispam, vpn, firewall සහ  අනෙකුත්  networking මෘදුකාංග, install/uninstall කිරීමකින් පසුව network connection එක අඩාලවීම.
  • Web පිටු කිසිවක් පරිශීලනයට නොහැකිවූ විටෙක
  • registry errors නිසා එන No network connectivity වලට
  • Network connectivity ගැටළු; limited or no connections message
  • Windows update වැඩ කරන්නෙ නැතිවිට

හරි දැන් මේකෙන් Repair එකක් කරන්නෙ කොහොමද?

complete-internet-repair-385x500

හරිම ලේසියි, තමන්ට repair කරගන්න අවශ්‍ය දේ තෝරලා GO කියන එක click කරන්න විතරයි තියෙන්නෙ.

මෙන්න මෙතනින් Download කරගන්න : Click Here | කොටන්න

දිගටම software Short-Kutz දෙන්න යන තවත් එක software blog එකක් නෙමෙයි හොඳේ මේක. වැදගත් වෙයි කියල හිතුනොත් තමයි software එකක් හඳුන්වලා දෙන්නෙ Winking smile

-------ඊළඟ Short-Kut එකෙන් හම්බවෙමු එහෙනම්-------

22 June 2011

◄Facebook එකේ ඔබේ වැඩ කිඩ ඇතුලත් ප්‍රදර්ශනයක් Intel එකෙන්


ඔව් කතාව ඇත්ත. ඔබ facebook එකට සම්බන්ධ වුන දා පටන් මෙතෙක් කල කී දෑ ප්‍රදර්ශනයක් විදියට video එකකින් දැක බලාගන්න තිබුනොත් කොහොමද? අපුරුයි නේද? ඔව් ඇත්තටම එහෙම කරන්න පුළුවන්. මං මේ කියන්න යන්නේ ඒක ගැනයි. ඉතාමත් අලංකාරව ඔබ වෙනුවෙන් / ඔබේ ගිණුම වෙනුවෙන් කෙරෙන video  පුනරාවර්ජනයක් කිව්වොත් නිවැරදි. ප්‍රදර්ශනය නැරඹීමෙන් අනතුරුව එහි විශේෂ අවස්ථා වල ගත photo album එකකුත් කැමති නම් තමන්ගෙ ගිණුමට එක් කරගන්නත් පුළුවන්.


වැඩි කතා නැතුව කෙලින්ම මාතෘකාවට බහිමුකො. මේක නම් කරල තියෙන්නෙ Facebook Museum of Me  කියන නමින්. නමෙන්ම තේරෙනවනේ අදහස.


මෙහෙමයි කරන්නෙ හරිම පහසුයි.


1. මුලින්ම මෙන්න මේ පිටුවට යන්න  : Click Here


මේ වගේ එතකොට දිස් වෙයි…


Capturex


2. එතනින් connect to Facebook කියන බොත්තම ඔබන්න. එවිට pop up window එකක් open වෙලා මෙහි application එකට අවසර ලබාගැනීම විමසයි, එවිට allow  කරන්න.


3. ඊළඟට ඔබට මෙන්න මේ වගේ දිස් වෙයි. Loading Your Movie කියල. මෙහි කාලය ඔබගේ facebook ජීවිතයේ ගතකල කාලයට සමානුපාතිකව වැඩි විය හැක. ඒත් ලොකු කාලයක් යන්නේ නැහැ විනාඩි 5-10 ක් යයි. ඒකට ඒ වැඩේ කරගන්න දීල එතකන් වෙන වැඩක් කරාම හරිනෙ Smile with tongue out 


Capture
Capture2


පියවරෙන් පියවර ගත්ත screen shots තමයි මං මේ දාල තියෙන්නෙ. මොකද application ඒකට යන්න කලින් පැහැදිලි අවබෝධයක් ගන්න ඒක හොඳයි නේ. මේකෙ මේ තමන්ගෙ images upload උනා කියල බය වෙන්න එපා. මොකද තමන්ගෙ visual archive එක වෙන කෙනෙකුට බලන්න බැහැ. එහෙම බලන්න link එකක් වත් මේ අය සපයන්නෙ නැහැ. ඒක හින්ද privacy ගැන හිතන කට්ටිය කිසි දේකට බය වෙන්න එපා.


ඔය පියවරයන් සියල්ල ඉවර උනාට පස්සෙ තමන්ගෙ visual archive එක ලස්සනට බලාගන්න පුළුවන්. ඒකෙ නම් screen shots දෙන්න විදියක් නැහැ. මොකෝ මගේ privacy ගැනත් හිතන්න එපැයි Smile with tongue out
visual එක අවසානයේදී මෙහෙම දිස් වෙයි 


Capture3
Capture4


ඔතනදි තමන්ට visual archive එකේ වැදගත් ස්ථාන අඩංගු photo album එකක් උනත් තමන්ගෙ album ගොන්නට එකතු කරගන්න පුළුවන්. අනිවාර්‍ය නැහැ. ඔතනින්ම ඕනේ නම් මේ application එක share කරගන්නත් පුළුවන්.


කරලම බලන්නකො..ඇත්තටම හරිම ලස්සනයි.



----------- එහෙනම් අදට අපි ගියාවෙ, ආයෙ Short-Kut එකක් උස්සන් එන්නම් ------------

21 June 2011

◄ Youtube videos අවශ්‍ය ප්‍රමාණයට cut කරල share කරගනිමුද?


Youtube කියන්නෙ ඉතින් හැමෝම වගේ දන්න කියන video sharing site  එකනේ. ඕකෙ  තියෙන ගොඩක් දේවල් අපි  facebook  එකේ අපේ යාලුවොත් එක්ක share  කරගන්නව. සින්දුවක් වෙන්න පුළුවන් tutorial  එකක් වෙන්න පුළුවන් විවිධ දේවල්. ඒත්  share කරන  video  එක ගොඩක් වෙලාවට අපිම  upload  කරපු එකක් නෙමෙයි නෙ. එක එක අය  upload  කරද්දී එයාලගේ හැඳින්වීමක්, එක්කො දැන්වීමක් එහෙම ඕවට එකතු කරනවා. සාමාන්‍ය විදියට  video  එකක්  share  කලොත් අපිට ඔය ඔක්කොම එක්කනේ share  කරන්න වෙන්නේ. එ හින්ද මේ ක්‍රමයෙන් පුළුවන් video එකේ අපිට අවශ්‍ය කොටස විතරක්  cut  කරල අරගෙන  share කරගන්න. ඒක බලන අයටත් පහසුවක් වෙනවනෙ.

ඕකට පොඩි  Short-Kut  එකක් තියෙනවා 

කරන්න තියෙන්නෙ මෙන්න මේ site එකට ගිහින් තමන්ට  cut  කරගන්න ඕන video එකේ link එක දෙන එක විතරයි. 

ඊට පස්සේ අදාළ video එක මෙන්න මේ විදියට පෙන්නයි. එතනින් තමන්ට අවශ්‍ය කාල පරාසය තෝරාගෙන Chop It  කියන බොත්තම ඔබන්න.



එතකොට තෝරාගත් කාල සීමාව තුල පමණක් ඇති video  එක ඔයාලට පෙන්නයි. එතන එහා පැත්තේම facebook share button එකත් තියෙනවනෙ. දැන් ඉතින් share  කරගන්න එකයි ඇත්තෙ ඕන විදියකට.

ඔන්න එහෙනම් අනං මනං නැතුව මීට පස්සෙ video share  කරගන්න පුළුවන්. විශේෂම දේ තමා මේ video cut  කරගන්න site එකේ register වීමේ කිසිම අවශ්‍ය තාවයක් නැහැ.


ඔන්න එහෙනම් අද Short-Kut එකෙන් සමුගන්නවා.


------------------------තව Short-Kutz තියෙනවා දිගටම අපිත් එක්ක ඉන්නකෝ-----------------------

  


20 June 2011

◄අතරමගදී Mouse එක වැඩ නොකර ගියොත්? Keyboard එකද, නහයද, ඔබ ඊළඟට තෝරගන්නෙ?

 

හික් හික්.. topic එක දැක්කම පොඩ්ඩක් මෝල් වෙලා වගේ ගියාද? Smile with tongue out ගණන් ගන්න එපා. බොරුවට නෙමෙයි එහෙම ඇහුවෙ. ඇත්තටම පරිගණකයේ වැදගත් වැඩක් කර කර ඉන්නකොට mouse එක වැඩ නොකර ගියොත් ඔයාල මොකද කරන්නෙ? Confused smile කඩේකට ගිහින් ආයෙත් mouse එකක් ක්ෂණිකව අරන් එන්න බැරි තත්වෙක නම් ඉන්නෙ තෝරාගන්න පියවර වල දෙකක් තියෙනවා.

  • Keyboard එකෙන් Mouse එක control කරනවා
  • නහයෙන් Mouse එක  control කරනවා

ඔව් ඔය දෙකම කරන්න පුළුවන්. හරිම ලේසි. මුලින්ම කියන්නම් කොහොමද Keyboard එකෙන් Mouse එක control කරන්නෙ කියල. මේක අමුතු දෙයක් නෙමෙයි Windows මෙහෙයුම් පද්දතියත් එක්කම අපිට ලබාදී තිබෙන එක් අංගයක්. වැඩේ කියන්නෙ අපි ඕව වැඩිය හොයන්න යන්නේ නෑනේ, ඒකයි ඕව අපෙන් හැංගිලා ඉන්නෙ. මගේ Short-Kutz හොයාගෙන යන ගමනේදී ඕවගේ පොඩි පොඩි වැඩ කෑලි වලට හැංගිලා ඉන්නවා බොරු. හික් හික්…

  • Keyboard එකෙන් Mouse එක control කරන පියවරයන්.
  1. Control Panel එකට යන්න.
  2. එහි Accessibility Options කියන එකට යන්න. ( Windows 7 වල නම් Ease of Access Center කියන තැනට ගිහින් Make the Mouse easier to use කියන එකට යන්න ) 
  3. දැන් ඔය පහලින් පෙන්නලා තියෙන විදියට අදාළ  කොටුවෙ tick එකක් දාල Apply > Ok කරන්න. Windows XP / 7 යන දෙ ආකාරයෙන්ම එය කරගන්න විදිය ඔන්න දැම්ම.

mouse xp

 

mouse 7

 

මේකෙ Pointer Speed එක එහෙම වැඩි කරගන්න ඕනේ නම් settings/set up mouse keys ගිහින් ඒවා හදාගන්න පුළුවන්. මේකෙ ක්‍රියාකාරකම් ඔක්කොම සිදුවෙන්නෙ Number pad එකෙන්. ඒකට යෙදෙන Keys කියලම ඉන්නම්කො. නැත්නම් ඒකත් අඩුපාඩුවක් වෙනවනේ.

7 : Up and Left
8 : Up
9 : Up and Right
4 : Left
6 : Right
1 : Down and Left
2 : Down
3 : Down and Right
Ctrl + Movement Key : Faster Movement (see below to enable)
Shift + Movement Key : Slower Movement (see below to enable)

5 : Mouse Click
+ : Double Click

Ins : Begin Drag
Del : End Drag

/ : Select Left Mouse Button
- : Select Right Mouse Button
* : Select Both Mouse Buttons

එහෙනම් කරලා බලන්නකෝ..ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවනෙ..Control Panel ගිහින් ඔච්චර දුර යන්නේ නැතුව Short-Kut එකකින් ඔය window එක open කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම  Press Left ALT + Left SHIFT + Num Lock Winking smile .

-----------------------------------------------------------------------------------------------------------------

 

ඔන්න ඒ කතන්දරේ ඉවරයි, දැන් බලමු මොකද්ද මේ නහයෙන් දාන්න යන සෙල්ලම කියල Open-mouthed smile

ඕකට පොඩි software කෑල්ලක් තියෙනවනේ. හැබැයි මේ වැඩේ කරන්න පුළුවන්  වෙන්නේ webcam එකක් එහෙම තියෙන පරිගණක වල තමයි.

  • Software එකේ නම  Camera Mouse.

වැදගත්ම දේ තමයි මේ

cammouse 

මෙන්න මෙතන Click කරානම් මේක ලේසියෙන්ම බාගන්න පුළුවන්.

DOWNLOAD NOW

හරි දැන් බාගත්ත කියන්නෙ Install කිරෙමේදී කිසිම අමාරු පියවරයන් නැහැ.ඒක හින්ද ඒ ගැන විස්තර අවශ්‍ය වෙන්නේ නැහැනෙ. Install කරලා ඉවර නම් Run කරලා බලන්නකො. Smile

CameraMouse

මේ වගේ window එකක් open වෙයි. ඔකේ මැද තියෙන කොළ පාට කොටුව මුණේ කැමති තැනකට click කරාම අපි මුණ හරවනවට සාපේක්ෂව mouse pointer එකත් එහා මෙහා යයි. ඕක මූණේ වෙනත් තැන් වලට යොදාගන්නවට වඩා නාස් තුඩට යොදා ගත්තම අපිට පාලනයට ලේසි. ඒ හින්දයි නහයෙන් mouse එක control කරමු කිව්වේ. ඔතනම settings button එක click කරල අමතර settings හදාගන්න පුළුවන්.

set

පාවිච්චි කරලම බලන්නකො. හරිම විනෝද ජනකයි.Winking smile

 

ඔන්න එහෙනම් අද Short-Kutz දෙකක්ම ගෙනාව. ආයෙත් ළඟදීම Short-Kut එකක් අරන් එනවා.

 

----------------------- ඊළඟ Short-Kut එකෙන් මුණගැසෙන තුරු..Bye කිව්වා-------------------------

19 June 2011

◄Blog එකට Templates හොයල එපා වෙලාද? හොඳ එකක් set උනේ නැද්ද? මෙන්න Short-Kut එක

බර කාලයක් තිස්සෙ ඉඳං බ්ලොග් ලියන අයනම් මේක දන්නවත් ඇති. ඒත් නොදන්නා අයත් ඇතිනේ මේ මං වගේ. ඒ හින්ද ඒ අයටත් එක්ක මං අද කියන්න යන්නේ අපිටම කියල Template කෑල්ලක් හදාගන්න පුළුවන් Short-Kut එකක් ගැන…ඔව් පොඩි Software කෑල්ලක් තමයි.

බ්ලොග් එකට template එකක් හොයන්න ගිහින් අන්තර්ජාලයේ අතරමං වෙච්ච වෙලාවක හිතුනේ මට ඕන විදියට මේ එකක් වත් නෑනේ. අයි මටම එකක් හදාගන්න බැරි? එහෙම tool එකක් වත් තිබ්බනම් කියල Google එක ඔස්සේ හොයාගෙන යනකොට තමයි මේ භාණ්ඩේ හම්බ උනේ.
Artisteer කියන නමින් තමයි මේක එලි බැහැල තියෙන්නෙ

Artisteer_logo2


භාවිතය නම් අති සරලයි, පහසුයි. ඕනෑම මට්ටමේ  දැනුමක් තියෙන  කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් වෙන විදියට තමයි හදල තියෙන්නෙ. Sidebar, Menu, Header, Content, Footer අරවද මේවද හැම එකක්ම අපිට ඕන විදියට වෙන වෙනම modify කරගන්න පුළුවන්.

තමන්ට වැඩිය කලාත්මක අදහස් එන්නේ නැත්නම් ඔය ඕනෑම section එකක suggest කියල එකක් තියෙනවා. එක ඔබල, ඒකෙන් අපිට යෝජනා කරන විදියක් උනත් පාවිච්චියට ගන්න පුළුවන්. User friendly එකේ උපරිම එක.

මේ තියෙන්නෙ Software එක, පොඩි අදහසක් ගන්න මේක බලන්නකෝ.


artisteer-main


දැන් ඉතින් අනුන් හදපු Templates, net එක පුරා පීර පීර හොයපු කාලේ ගියා. “තමන් හිසට තම අතමය සෙවනැල්ල” කියල වැඩ පටන් ගන්නයි තියෙන්නෙ. මගේ Template එකත් ළඟදීම update කරන්නයි හිතන් ඉන්නෙ මේකෙන්, බලමුකෝ… Be right back

ගන්න ඕන අය පහලින් තියෙන ලින්ක් එකට ගිහින් බාගෙන බලන්න. Keys හොයාගන්න එක මහ කජ්ජක් නෙමෙයි නේ. ඒ වැඩේ ඔයාලට බාරයි.

ඔන්න එහෙනම් මෙතන කොටල බාගන්න.

----------------------------තව Short-Kutz ඉදිරියේදී එනව හොඳේ-----------------------

18 June 2011

◄ව්‍යාජ ගමන් බලපත්‍ර / වීසා බලපත්‍ර (Fake passports / Visa) හඳුනාගන්න Short-Kut එකක්

visa news
ඊයෙ ලංකාදීප පත්තරේ තඩි අකුරෙන් තිබ්බ මේ නිව්ස් එක නිසා මට හිතුන මේ දේ ගැනත් කට්ටිය දැනුවත් කරොත් හොඳයි කියල. මොකද දැනුවත් කමින් හෝ නොදැනුවත් කමින් ව්‍යාජ ගමන් බලපත්‍ර / වීසා බලපත්‍ර හදාගෙන විදෙස් ගත වෙන්න යන අය මේ ගැන දැන ගන්න ඒක අත්‍යාවශ්‍යයි. මේ ලිපියේ අරමුණ වෙන්නෙ එහෙම නොදැනුවත් කමින් තමන්ව මේ වගේ රැවටීමකට ලක්වෙන එකෙන් ගලවා ගැනීම වගේම, දැනුවත්වම ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරල රට යන ඇත්තන්ට ඒකෙ අවධානම ගැනත් අදහසක් ගන්නයි.
මුලින්ම කියන්න ඕන අද සති අන්ත පුවත් පතක් අතට ගත්තම ඇමරිකාවෙන් පටන් අරගෙන ඉතියෝපියාව, සෝමාලියාවට යනකන්ම මිනිස්සුන්ව රට යවන්න දඟලන ඒජන්සි කාරයන්ගේ දැන්වීම් අතුරු සිදුරු නැතුව පිරිලයි තියෙන්නෙ. ඔය අස්සේ හොරු කීදෙනෙක් ඉන්නවා ඇත්ද? සමහර ඒජන්සි මාසයයි දෙකයි, ඊට පස්සේ ඒවා ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ, දුරකථන අංකයක් වත් වැඩ කරන්නෙ නැහැ.
ගියපු ගමන් කියන්නෙ හරි සතියෙන් යවන්නම් ඉතාලියට, මෙච්චර ගානක් යනවා, අපි Agreement ගහල වීසා ඒක ලැබුනට පස්සෙ තමා සල්ලි ගන්නෙ. (මලා එක පාරටම ආපු මිනිහෙක්ව කිසිම දෙයක් නොදැන සතියෙන් වීසා අරන් දෙන්න?? Confused smile )

ඕක අපි එයාලගෙන් ඇහුවගමන් කියයි 

“ අපි ඉන්දියාවට ගිහින් තමයි ඔයාලගේ Documents/Applications submit  කරන්නෙ. මොකද මෙහෙන් කෙරෙනකොට කල් යනවා.” ( ඔන්න කනෝ පිනුම් කිව්වලු, අඩු ගානේ අපිට ඇප්ලිකේෂන් එකක් බාර දෙන එක වත් ඇහැට දකින්න හම්බෙන්නෙ නැහැ මේකෙන්)

“ අපි ඇතුලේ එක්කෙනෙක් අල්ලලයි ඉන්නෙ, ඔයාලගේ ෆයිල් එක අපි එයාගේ අතිනුයි ඇතුලට යවල වීසා එක ගස්සවල ගන්නෙ. ඒ හින්ද ඔයාල එම්බසි යන්න ඕන නැහැ.” (අපරාදෙ කියන්න බෑ තනිකර ප්‍රෝඩාව)
--------------------------------------------------------------------------------------------------------------
මාතෘකාවට එන්න කලින් හොරුන්ගේ කතාන්දර ටිකක් කියෙව්වේ සමහරු මේවට හොඳට ඇන්දෙන නිසයි. Winking smile ඔය මං කියපු විදියට වීසා දෙන්න එන මහත්තුරුන්ගෙන් 99% ක්ම ඉන්නෙ හොරු. ඔබට ව්‍යාජ වීසා බලපත්‍රයක් අත තබා ලක්ෂ ගණනක් වංචා කිරීමේ හැකියාව 99% ක්ම තියෙනව.
ඔබට ඒත් හිතෙනවනම් , නෑ මුන්ගේ ඇතුලේ කට්ටිය ඉන්නවා මේ දෙන්නේ හොර වීසා එකක් නෙමෙයි ඇත්තම එකක්, එහෙමත් නැත්නම් මේක හොර වීසා එකක් කියල මාට්ටු වෙන එකක් නෑ කියල මෙන්න Short-Kut එකක් තියෙනව කරල බලාගන්න. ක්‍රම කිහිපයක්ම තියෙනව ඒවායේ තාක්ෂණික නම් භාවිතයෙන් බැහැරව සරලව තේරුම ගන්න පුළුවන් ආකාරයට කියල දෙන්නම්කො. මේවා ගොඩක් ප්‍රායෝගික දේවල් හින්ද පුළුවන් උපරිමයෙන් ලිඛිතව ඉදිරිපත් කරන්න බලන්නම්.

  • ව්‍යාජ ගමන් බලපත්‍රයක් හඳුනාගන්න ක්‍රම කිහිපයක්.
1. ගමන් බලපත්‍රයේ රුපයේ දැක්වෙන වක්‍රා කාර මුළු, ඇඟිලි තුඩෙන් සීරුවට අතගාල බලන්න. ඔබට යම් කඩතොළු ස්වභාවයක් අතට දැනෙනවා කියන්නෙ පුංචි ප්‍රශ්නයක් තමයි. මොකද නීත්‍යානුකුල ගමන් බලපත්‍රයක එවැනි කඩතොලුවක් කිසි සේත් දක්නට ලැබෙන්නේ නැහැ (ඉරුණු විකෘති වුනු ගමන් බලපත්‍රයක හැරෙන්නට)  

pass

2. Water Mark ගැනයි ඊළඟට කියන්න යන්නෙ. කවුරුත් දන්නවනෙ Water Mark කිව්වම. (ඔව් ඔව් ඔය මුදල් නෝට්ටු එහෙම ආලෝකයකට අල්ලලා බලපුවම සිංහයෙක් එහෙම ඉන්නවා පෙන්නේ, ඒවා තමයි). ගමන් බලපත්‍ර වලත් හැම පිටුවකම ඒ වගේ Water Mark එකක් ඇතුලත් කරල තියෙනව. ලංකාවේ අපේ ගමන්බලපත්‍ර වල නම් තියෙන්නෙ රාජ්‍ය ලාංචනය. ව්‍යාජ ගමන් බලපත්‍ර වල ඔය Water Mark එක එක්කෝ නැහැ එක්කෝ තියෙනව. තියෙනව කියන්නෙ ආයෙ හොඳම එකෙන් තියෙනව අතට ගත්ත ගමන් පේනවා. හෝව් හෝව්… එහෙම පේනවනම් එක අනිවා ව්‍යාජ ගමන් බලපත්‍රයක්. මොකෝ Water Mark  එකක් අතට ගත්ත ගමන් බැලූ බැල්මට පේන්නෙ නැහැ. එහෙම පේන්නෙ ඔය හොරු Water Mark  එක සලකුණු කරන්නෙ තෙල් වර්ග වලින්. නමුත් සැබෑ Water Mark  එකක් ඇතුලත් කරන්නෙ එහෙම තෙල් වර්ග වලින් නෙමෙයි. Winking smile 

3. අනිත් ක්‍රමය තමයි ඔබගේ ගමන් බලපත්‍රයේ ඉදිරිපස පිටකවරයට වහාම ඇතුලතින් ඇති පිටුවෙහි මුද්‍රණය කර ඇති අකුරු, රටාවන් සහ ලාංචන පොඩ්ඩක් ලාවට වගේ ලියපොතු වලින් අතුල්ලලා බලන්න. ඒ මුද්‍රිත දේවල් රළුවට අතට දැනෙනවා නේද? ඒ වගේම අත ආපහු අරගෙන බලන්න අතේ තීන්ත හෝ සායම් මුකුත් ගෑවිලා නැහැ නේද කියල. එහෙම නම් ඔබේ ගමන් බලපත්‍රය නීත්‍යානුකූලව ලබාගත් එකක්. එහෙම නොවෙයි නම් ප්‍රශ්නයක් තමයි.

                             හරි.ඔය කරුණු ටික ප්‍රමාණවත් වෙනවා සාමාන්‍ය කෙනෙකුට තමන් අතට පත්වුන ගමන් බලපත්‍රය ව්‍යාජ එකක්ද නැද්ද කියන වග දැනගන්න. මීට වඩා කියන්න ගියොත් හොරුන්ට Passport ගහන්න කියල දුන්න වෙනව..හික් හික්…Smile with tongue out ඊට අමතරව ඔයාල ගමන් බලපත්‍රයේ පිටුවල සඳහන්වෙන සංකීර්ණ රේඛා සහිත සටහන්,වර්ණ ගැනත් පොඩි අවධානයක් යොමු කරල බලන්න.ඒවා පැහැදිලිව පිරිසිදුවට තියෙනවද කියල. ඒ වැඩේට මෙන්න මේ වගේ පුංචි උපකරණයක් භාවිතා කරනවා. 

lense
ඔයාලට මේකක් නැත්නම් ගෙදර තියෙන අත් කාචයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්.
  • ව්‍යාජ වීසා බලපත්‍රයක් හඳුනාගන්නා ආකාරය.
1. මෙහිදී අඳුරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි වීසා බලපත්‍රය මත ඇති අක්‍රමවත් මුද්‍රා සලකුණු. තානාපති කාර්යාලයකින් නිකුත් කරන වීසා බලපත්‍රයෙහි මුද්‍රාවන් ඉතා පැහැදිලිව සටහන් වී තිබිය යුතුයි.

2. එහි මුද්‍රිත රූ රටා, වර්ණ ද එලෙසම පැහැදිලි සහ ස්පර්ශ කිරීමේදී අතෙහි වර්ණ නොගෑවෙන ලෙස තිබිය යුතුයි.

3. අනික් කාරණය තමයි ඉහත ගමන් බලපත්‍ර කොටසෙහි 3 වන කරුණෙන් දැක්වුවා සේම අතට දැනෙන ලෙස මුද්‍රණය කරන ලද ස්ථානයක් හෝ ස්ථාන කිහිපයක් වත් අවම වශයෙන් තිබිය යුතුයි.

4. අනිත් කරුණ නම් ඕනෑම රටකින් නිකුත් කරන මෙවැනි වීසා බලපත්‍රයක එම රටෙහි නම හෝ, නම වෙනුවට භාවිතා කරන කෙටි යෙදුම සැඟවී තිබෙනවා. මෙවැනි වීසා බලපත්‍රයක් තිරස් , පැතලි අතට තබා ඇස් මට්ටමට ළඟාකර බැලීමෙන් (පහත රුපයේ සඳහන් ආකාරයට ) එය ඔබට පහසුවෙන් දැක ගත හැක.

visa

ඔන්න එහෙනම් අරවගේ හොරුන්ට අහුවෙන්න එපා හොඳේ. හොර විදියට යන්න හිතන් ඉන්නවනම් දෙපාරක් හිතන්න. මොකද ඔබ හිතන තරම් ලේසියෙන් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරල පැනගන්න නම් බැහැ. Smile with tongue out

--------------ආයෙත් Short-Kut එකකින් හම්බෙනකන් හොර වැඩ නොකර ඉන්න--------------

16 June 2011

◄ව්‍යාජ(Fake) Facebook ගිණුමක තතු SLCERT එකට නිවැරදිව ඉදිරිපත් කරමු.

facebook-fakebook

අද මම කියන්න යන්නෙත් එක්තරා විදියක Short-Kut එකක් තමයි. බොහෝ දෙනෙකුට තියෙන කරදරයක් තමයි තමන්ගේ නම්, ගම්, පින්තූර, දුරකථන අංක, ලිපන භාවිතා කරමින් ව්‍යාජ විදියට ඇතැම් පුද්ගලයින් Fake facebook profiles හදන එක. එහෙම කරන ගොඩක් අයගේ බලාපොරොත්තුව තමයි අදාළ පුද්ගලයට අපකීර්තියක්‌, අවැඩක් සිදුකිරීම. එහෙම පීඩාවකට ලක්වුණ කෙනෙක් පත්වෙන අපහසු තාවය සුළු පටු නැහැ. ඉතින් ඔය පිළිබඳව රජයෙන්ම මැදිහත් වෙලා පැමිණිලි පිලිබඳ සොයා බලා කටයුතු කරන ආයතනය තමයි SLCERT(Sri Lanka Computer Emergency Response Team) කියන්නෙ.
ඉතින් තමන්ටත් මේ වගේ ගැටළුවක් තියෙනම් මේ අයගේ පිහිට පතන්න පුළුවන්. ගොඩක් අය මේකට බය වෙන්නෙ විවිධ නීතීමය පියවරයන් සමග ගනුදෙනු කිරීමට ඇති බය නිසයි. ඒත් මේකට බය වෙන්න ඕන නැහැ. මොකද මේක තියෙන්නෙ අපේ උදව්වට තමයි.
මං මේක එක්තරා විදියක Short-Kut එකක් කීවෙ, මම දැකල තියෙනව ගොඩක් අය Facebook එකට Report කරල, යාළුවන්ගෙනුත් Report කරන්න උදව් ඉල්ලමින් විඳින දුක. එහෙම කලත් ප්‍රයෝජනයක් වෙන්නෙ නැති ප්‍රතිශතය වැඩියි. ඉතින් SLCERT එකෙන් උදව් ලබාගැනීම ඉක්මන් වගේම පහසුයි. මොකද රාජ්‍ය මට්ටමේ මැදිහත්වීමකින් කෙරෙන (නිරවද්‍ය සහ නිදොස් )පැමිණිල්ලක් පිළිබඳව facebook ආයතනය දැඩි අවධානයක් යොමු කරනවා වගේම ඉක්මනින් ක්‍රියාමාර්ගත් ගන්නවා.
කාට හරි ඕනෙ නම් දුරකථන මාර්ගයෙන් උනත් සම්බන්ද වෙලා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්.ඒත් මං මේ කියන්න යන දේවල් ඒ අයට අවශ්‍ය කරනවා.
ඒ හින්ද නිවැරදි විදියටම එකෙන්ම වැඩේ ගොඩ දාන හැටියි මං මේ කියන්නෙ Winking smile
  • මෙතැන් සිට ඉදිරියට පෙලගැස් වෙනුයේ පැමිණිල්ල සඳහා අවශ්‍ය වන දත්ත ගොනු කරන ආකාරයයි.
*වැදගත් - මේ සියලුම තොරතුරු Microsoft Word වලින් එක ලිපි ගොනුවක් (file) ලෙසට සකසා යැවිය යුතුය.
  • Perconal Details / පෞද්ගලික තොරතුරු
Full Name / සම්පුර්ණ නම
Address / ලිපිනය
Contact No. / දුරකථන අංකය
National ID or Passport No. / ජා. හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍ර අංකය 
E-mail Address / විද්‍යුත් ලිපිනය
  • Scanned Copy of you National ID or Passport / ජා. හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රයේ ස්කෑන් පිටපතක්
  • Written request address regarding Impersonating/Fake/Hack etc. / ව්‍යාජ ගිණුම සම්බධයෙන් කරන ලිඛිත ඉල්ලීමක්.
  • URL of your Original profile copied as text / ඔබගේ නියම ගිණුමෙහි සබැඳිය
url
  • Screen capture (Print Screen) of Original Facebook account (Print Screen) copied to Word Document as Image / Word ලිපි ගොනුවෙහි පින්තුරයක් ලෙස සුරැකි කල, ඔබගේ නියම ෆේස්බුක් ගිණුමෙහි “තිර සටහනක්” 
print-screen-button
  • URL of your Fake profile copied as text / ව්‍යාජ ෆේස්බුක් ගිණුමෙහි සබැඳිය
url
  • Screen capture (Print Screen) of Fake Facebook account (Print Screen) copied to Word Document as Image and highlighting that how misuse of your information/Privacy/Photos took place. / ව්‍යාජ ෆේස්බුක් ගිණුමෙහි, ඔබගේ තොරතුරු, චායාරූප අනිසි ලෙස යොදා ඇති ආකාරය හුවා දක්වමින්, ව්‍යාජ ගිණුමෙහි ලබාගන්නා “ලද තිර සටහන්” ( Word ලිපි ගොනුවෙහි පින්තුරයක් ලෙස සුරැකි කල )

හරි දැන් මේ විදියට හදාගනිපු ඔයාලගේ පැමිණිල්ලේ ලිපිගොනුව  slcert@slcert.gov.lk  යන විද්‍යුත් ලිපිනය වෙත යොමු කරන්න.

මීට අමතරව යම් තොරතුරක් හෝ කරුණක් ඔබ වෙත දැනුම් දීමට ඇතිනම් එම ආයතනයේ නිලධාරියෙකු ඔබව විද්‍යුත් ලිපි මාර්ගයෙන් හෝ දුරකථන මාර්ගයෙන් වහා සම්බන්ද කරගැනෙනු ඇත.
---------------------------------------------------------------------------------------------------------------
තරමක් දීර්ග උනත් මහන්සි නොබලා ලිව්වේ අද ෆේස්බුක් එකෙන් වෙන නොයෙකුත් අකටයුතුකම් වෙනුවෙන් පොඩි හරි සහනයක් ලබාදෙන අරමුණෙන්. ඒ නිසා සුළු හෝ ප්‍රතිචාරයක් දක්වලා යන්න පුලුවන්නම් එය මහත්සේ අගයකොට සලකනවා.Be right back

----------තවත් වැදගත්,වටිනා කියන Short-Kut එකකින් හමුවෙමු--------------

14 June 2011

◄ IDM එකෙන් Resume කරන්න බැරිලුද? මෙන්න Short-Kut එක


IDM එක තමයි මේ කාලේ කවුරුත් තමන්ගෙ Download Manager එක විදියට පාවිච්චි කරන්නෙ. ඉතින් මේක පාවිච්චි කරද්දි අපි ගොඩක් ආසයි Mediafire වගේ Site වලින් FIles Download කරගන්න. හේතුව නොමිලේම Resume කිරීමේ හැකියාවත් සමගම, උපරිම Download speed එකත් මේ site එකෙන් ලබා දෙන නිසා. Torrents බාන්න නම් ඉතින් කරදරයක් නැතුව IDM එකෙන්ම බාගන්න අපි භාවිතා කරන්නෙ torrific.com නෙ. ඒක දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් අහන්න, නොමිලේම කියල දෙනව Smile with tongue out .

හරි, කොච්චර අපිට නොමිලේ දෙනව කිව්වත්, ඔය හැම එකේම පොඩි පොඩි හුටප්පර තියෙනවනෙ. Mediafire එකෙත් Torrific එකෙත් ඔය කාරණය පොදුයි. සිංහලෙන්ම කිවොත් අපි Download කර කර හිටපු File එකක් මගදි Pause කරලා ගිහින් ආයෙ Resume කරන්න යනකොට ඔන්න වැඩේ කෙල වෙලා..මෙන්න මෙහෙම Error එකක් එනවා.

snap 1
පලකො ආයෙ මුල ඉඳලම ගාලු..Steaming mad
ආයෙ මුල ඉඳන් බාන්න වැඩක් නැහැ. කරන්න තියෙන්නෙ පොඩි දෙයයි….පොඩි Short-Kut එකක් තියෙනව. මෙන්න මෙහෙමයි කරන්නෙ.
  1. ඇර ගන්න IDM එක. හොයා ගන්න අපිට Resume කරගන්න බැහැ කියන file එක.
  2. Right click එකක් දාල යන්න ඒ file එකේ  Properties වලට.
  3. ඔන්න ඔතන ඇති Referrer කියල මෙන්න මේ වගේ තැනක් 
  4. idm 2
  5. ඔය තියෙන්නෙ අපිට file එක download කරගන්න Mediafire එකට අපි ගියපු link එක. ඕක copy කරගෙන ආයෙත් යන්න ඒ Page එකට. ගිහින් Download දෙන්න. එතකොට ඔන්න IDM එකෙන් ආයෙ file එක Download කරන්න window එක open වෙයි.
  6. ඒ windows එකෙන් මෙන්න මේ link එක copy කරගෙන window එක close කරලා දාන්න.පින්තුරයේ තියෙන්නෙ ඒ link එක. idm3
  7. දැන් නැවත අපිට Resume කරගන්න ඕන file එකේ properties යන්න. (එකෙනෙ කොහොමත් අපි හිටියෙ, 2 පියවරේ හිටපු තැනමයි )
  8. දැන් එකේ “Address” කියන තැන තියෙන link එක වෙනුවට අපි 6 පියවරේදී copy කරගනිපු link එක යොදන්න.
  9. දැන් OK කරලා file එක resume කරල බලන්නකෝ.
කලින් නැවතිලා තිබුන තැන ඉඳල ලස්සනට Download වෙනවා නේද? ආයෙත් ඕන වෙලාවක බය නැතුව Pause කරල යන්න. Resume කරන්න බෑ කීවොත් ඔය පියවර ටිකම අනුගමනය කරන්න. දවස් ගණනක් Pause කරල තිබ්බ Download එකක් උනත් මේ විදියට Resume කරගන්න පුළුවන්.
ඔන්න එහෙනම් අපි ගියාවෙ…Nerd smile 

*මේක Mediafire, Torrific වගේ ඕනෑම site එකකට භාවිතා කරන්න පුළුවන් SHort-Kut එකක්
----------------------- ඊළඟ Short-Kut එකෙන් ඉක්මනටම හම්බවෙමු------------------------

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...