28 November 2011

◄10 GB Online Storage එකක් ඕනද?

 

cx3

Online Cloud Storage කිව්වම නොදන්න කෙනෙක් නැහැනේ. හැමෝම දන්නව බොහොම ප්‍රසිද්ධ දෙයක්.වගේම වටිනා දෙයක්. අපි අතරේ ප්‍රසිද්ධ cloud storage services කිහිපයකුත් තියෙනවනේ dropbox වගේ. නමුත් අද මං කියන්න යන්නෙ ඒවට වැඩිය වැඩි ධාරිතාවයක් වැඩි ඉඩකඩක් අපට ලබාදෙන cloud storage service එකක් ගැන.

CX, ඔව් එහි නම තමයි CX. එමගින් අපට 10GB Space එකක් free දෙනවා. ඒවගේම අපිට ඒක 300Mb ගානෙ වැඩි කරගන්නත් පුළුවන් අපි යාළුවො refer කරන තරමට. ඔබගේ වටිනා කියන documents,photos,songs,videos මේ වගේ ඕන දෙයක් මේකට දාල සුරක්ෂිතව තියන්න පුළුවන්. ලෝකෙ ඕනෑම තැනකදී ඕනෑම පරිගණකයකින් මෙයට සම්බන්ධ වෙලා එම files access කරන්නත් පුළුවන්.

ඒ වගේම මෙහි තවත් වාසියක් තමයි අපි ඇතුලත් කරපු photo,songs,videos මේකෙ තියෙන web interface එකෙන්ම එවෙලේම නරඹන්නත් පුළුවන්.

www.cx.com කියන ලිපිනයෙන් ඔබට මෙම අඩවියට ගිහින් sign-up වෙන්න පුළුවන්.

cx

ඉන් පසුව ඔබට පුළුවන් මෙහි CX App එක download කරල install කරගෙන ඔබේ වැදගත් වටිනා කියන files CX account එකට upload කරගන්න.

cx1

cx2

මේක windows, Mac, ipad, iphone කියන කොයි එකෙත් වැඩ කරන්න පුළුවන් එකත් ලොකුම පහසුවක්. ඒ වගේම android app එකත් ළඟදීම release කරන්නයි ඉන්නෙ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ CX safe,secure and easy කියල තමයි. Winking smile

ගිහිල්ල account එකක් හදාගත්තට පාඩුවක් නෑ දැනට වැඩිම space එකක් දෙන්නෙ CX නිසා. ගිහින්ම බලන්නකෝ වැඩ ගොඩයි Thumbs up

- Short-Kutz -

26 November 2011

◄Google Music කරළියට, අත්හදා බලමුද?

 

google-music-logo-640

Google Music ගැන මීට කලින් අහල තියෙද? අහපු අයටයි නාහපු අයටයි දෙගොල්ලන්ටම ඉස්සෙල්ල පොඩි හැඳින්වීමක් කරන්නම් මේ අළුත් Google හාදය ගැන.

2011 නොවැම්බර් 16 වෙනි දින තමයි Google Music, officially launch  උනේ. Music Streaming Service / Online Music Store එකක් විදියට කලඑළි බහින මේ හාදය iTunes වලට ලොකු අභියෝගයක් දෙයි කියල තමයි විශ්වාස කරන්නෙ. මෙම සේවාව මගින් Adobe Flash platform පාවිච්චි කරන්න පුළුවන් ඕනෑම device එකකත් android tabs, android phones, desktop browsers වලටත් music streaming සිදුකරනවා. ඔව් සිංහලෙන් කිව්වොත් සින්දු අහන්න පුළුවන්.Mobile Devices වල offline සිංදු අහන්න පුළුවන් එකත් මේකත් එක්ක ලැබෙන ලොකු වාසියක්.

මෙයට නොමිලේම ඔබගේ සිංදු 20000 ඇතුලත් කරන්න පුළුවන්. මුල්ම අවස්ථාවේදී මෙය ඇමරිකානු වැසියන්ට පමණක් අරාධනා කිරීම් (invitations) අනුව ලබාදුන් අතර දැන් එය ජනතාවට විවෘත කොට තිබෙනවා. ඒත් ඇමරිකානු වැසියන්ට විතරයි. කාල වරෙන්කො. මුන්ට tornado එන එක අහන්නත් දෙයක්ද අපිට කරන අසාධාරනකම් වලට හික් හික්.Smile with tongue out

http://music.google.com/

මෙතනින් ගිහිං බලන්නකෝ Sign in උනාට පස්සෙ මෙන්න මෙහම කියනවා නේද? Crying face

GM not avaialable

ඕක කියන්න නම් මං මේ blog post එක දාන්නෙ අහවල් එකටද? අපි බලමු green card නැති අපිවගේ අයට google music ලබාගන්න විදිය. Surprised smile

පියවරෙන් පියවර යමු ලේසිනේ

1. පළමුවෙන්ම අපිට US based VPN එකක් හදාගන්න ඕනනේ.එක හින්ද මෙන්න මේ TunnelBear කියන Software එක download කරල install කරගන්න. මෙතනින් ඒක ගන්න පුළුවන්. http://www.tunnelbear.com/install/

* පහත තියෙන්නෙ මේක download කරල install කරගෙන යන පිළිවෙල.

GM1

2. මෙතැනදී Little tunnelbear free කියන එක තෝරාගන්න

GM3

3. Installation process එක අතර වාරයේදී මේ වගේ message එකක් එයි, බය වෙන්න දෙයක් නැහැ Install කියන එක දෙන්න,

GM4

4. දැන් මෙන්න මේ වගේ තැනකට එයි.මේකෙ log-in වෙන්න කලින් මතක ඇතුව register වෙන්න දීපු E-mail එකට ගිහින් registration එක confirm කරන්න.

GM5

5. දැන් මේකෙ මීටරේ US කියන තැනට කරකවල switch එක on කරන්න මෙන්න මේ වගේ.

GM6

6. දැන් ඉතිං connect උනාට පස්සෙ කරන්න තියෙන්නෙ google music page එකට යන්නයි.   http://music.google.com/

දෙයියනේ කියල තමන්ගෙ google account එකෙන් sign-in වෙන්න, එතකොට මෙන්න මේ terms and conditions වලට agree කියන බොත්තම ඔබල google music වලට රිංග ගන්න.

GM7

7. ඔන්න අපි දැන් google music වලට ඇවිල්ලයි ඉන්නෙ. දැන් ඉතිං tunnelbear software එක අපිට ඕන නැහැ.ඒක switch off කරල uninstall කරල දාන්න පුළුවන් කැමතිනම්. මොකද අපි google music account එක create කරගත්තට පස්සෙ අපි කොයි තුම්පනේ හිටියත් අපිට google music වලට log වෙන්න පුළුවන්. VPN අවශ්‍ය නැහැ.

මෙන්න තියෙනවා google music වල ඇතුලත පෙනුම.

GM8

8. හරි මං කිව්වනේ කලින් අපේ සිංදු 20000 ක් අපිට මේකට upload කරන්න පුළුවන් කියල.ඒකට අපිට ඉහත රූපයේ සඳහන් වෙලා තියෙන Music Manager එක download කරල install කරගන්න ඕන. ඒකට download music manager කියන එක click කරන්න.Installation Process එක සාමාන්‍ය දෙයක් හින්ද ලිපිය වැඩිය දීර්ග කරන්න යන්නෙ නැහැ වැදගත් තැන් විතරක් සඳහන් කරන්නම්.

මෙන්න මෙතැනදී අපි google music වලට ඇතුල් වෙද්දී ලබාදුන්න google account එකෙන්ම sign-in වෙන්න වග බලාගන්න.

GM10

මෙන්න තවත් වැදගත් තැනක් අපේ google music account එකට music manager එකෙන් සිංදු upload කරගන්න iTunes,Windows media player, My music folder, other folders කියන ඕනෑම තැනකින් පුළුවන්. තමන් කැමති දෙයක් තෝරාගන්න පුළුවන් මෙතැනදී. පටන් ගද්දිම මහා සිංදු ගොඩක් දාගන්න ඕන නැති නිසා මම නම් other folders වලින් එක song එකක් විතරක් තියෙන folder එකක් දුන්න. ඔයාලට කැමති විදියකට කරගන්න පුළුවන් ඒක.

GM11

9. ඔන්න ඔක්කොම සෙල්ලං ඉවර උනාට පස්සෙ මෙන්න මේ වගේ තමන්ගෙ google music account එකේ upload කරපු songs පෙන්නයි.

GM16

දැන් ඉතිං ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳං තමන්ගෙ google music account එකට log වෙන්න සිංදු අහන්න පුළුවන්.

මේකෙ android app එක මෙන්න මෙතනින් ගන්න. Click Here

 

----------------------------------------------------------------------------------------------

ඔන්න වැඩේ ඉවරයි.දැන් ඉතිං google music ගිහින් මේකෙ තියෙන තව අළුත් වැඩකෑලි එහෙම අත්හදා බලන්න. iTunes වලට අභියෝගයක් කරන්න Google Music වලට පුළුවන් වෙයිද? ඒක අනාගතයට බාර කරල අපි යනවා Winking smile

- Short-Kutz -

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...