21 June 2011

◄ Youtube videos අවශ්‍ය ප්‍රමාණයට cut කරල share කරගනිමුද?


Youtube කියන්නෙ ඉතින් හැමෝම වගේ දන්න කියන video sharing site  එකනේ. ඕකෙ  තියෙන ගොඩක් දේවල් අපි  facebook  එකේ අපේ යාලුවොත් එක්ක share  කරගන්නව. සින්දුවක් වෙන්න පුළුවන් tutorial  එකක් වෙන්න පුළුවන් විවිධ දේවල්. ඒත්  share කරන  video  එක ගොඩක් වෙලාවට අපිම  upload  කරපු එකක් නෙමෙයි නෙ. එක එක අය  upload  කරද්දී එයාලගේ හැඳින්වීමක්, එක්කො දැන්වීමක් එහෙම ඕවට එකතු කරනවා. සාමාන්‍ය විදියට  video  එකක්  share  කලොත් අපිට ඔය ඔක්කොම එක්කනේ share  කරන්න වෙන්නේ. එ හින්ද මේ ක්‍රමයෙන් පුළුවන් video එකේ අපිට අවශ්‍ය කොටස විතරක්  cut  කරල අරගෙන  share කරගන්න. ඒක බලන අයටත් පහසුවක් වෙනවනෙ.

ඕකට පොඩි  Short-Kut  එකක් තියෙනවා 

කරන්න තියෙන්නෙ මෙන්න මේ site එකට ගිහින් තමන්ට  cut  කරගන්න ඕන video එකේ link එක දෙන එක විතරයි. 

ඊට පස්සේ අදාළ video එක මෙන්න මේ විදියට පෙන්නයි. එතනින් තමන්ට අවශ්‍ය කාල පරාසය තෝරාගෙන Chop It  කියන බොත්තම ඔබන්න.



එතකොට තෝරාගත් කාල සීමාව තුල පමණක් ඇති video  එක ඔයාලට පෙන්නයි. එතන එහා පැත්තේම facebook share button එකත් තියෙනවනෙ. දැන් ඉතින් share  කරගන්න එකයි ඇත්තෙ ඕන විදියකට.

ඔන්න එහෙනම් අනං මනං නැතුව මීට පස්සෙ video share  කරගන්න පුළුවන්. විශේෂම දේ තමා මේ video cut  කරගන්න site එකේ register වීමේ කිසිම අවශ්‍ය තාවයක් නැහැ.


ඔන්න එහෙනම් අද Short-Kut එකෙන් සමුගන්නවා.


------------------------තව Short-Kutz තියෙනවා දිගටම අපිත් එක්ක ඉන්නකෝ-----------------------

  


5 comments:

Unknown said...

රෙස්ලින් බලන්න ඔනෑ නම් මෙහෙට එන්න පොස්ට් එක හොදයි http://wrestlingsl.blogspot.com/

Anonymous said...

යාලුවා,පොස්ට් එක නම් නියමයි,එළකිරි එකටත් ඔය විදියට කරලා විඩියෝ ලින්ක් කරන්න පුලුවන් ද?

Ru_Sirini said...

හොය හොයා හිටිය වැඩක්..තැන්කූ වේවා...

Hishan de Silva said...

එල

Anonymous said...

ela..ela...

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...