22 June 2011

◄Facebook එකේ ඔබේ වැඩ කිඩ ඇතුලත් ප්‍රදර්ශනයක් Intel එකෙන්


ඔව් කතාව ඇත්ත. ඔබ facebook එකට සම්බන්ධ වුන දා පටන් මෙතෙක් කල කී දෑ ප්‍රදර්ශනයක් විදියට video එකකින් දැක බලාගන්න තිබුනොත් කොහොමද? අපුරුයි නේද? ඔව් ඇත්තටම එහෙම කරන්න පුළුවන්. මං මේ කියන්න යන්නේ ඒක ගැනයි. ඉතාමත් අලංකාරව ඔබ වෙනුවෙන් / ඔබේ ගිණුම වෙනුවෙන් කෙරෙන video  පුනරාවර්ජනයක් කිව්වොත් නිවැරදි. ප්‍රදර්ශනය නැරඹීමෙන් අනතුරුව එහි විශේෂ අවස්ථා වල ගත photo album එකකුත් කැමති නම් තමන්ගෙ ගිණුමට එක් කරගන්නත් පුළුවන්.


වැඩි කතා නැතුව කෙලින්ම මාතෘකාවට බහිමුකො. මේක නම් කරල තියෙන්නෙ Facebook Museum of Me  කියන නමින්. නමෙන්ම තේරෙනවනේ අදහස.


මෙහෙමයි කරන්නෙ හරිම පහසුයි.


1. මුලින්ම මෙන්න මේ පිටුවට යන්න  : Click Here


මේ වගේ එතකොට දිස් වෙයි…


Capturex


2. එතනින් connect to Facebook කියන බොත්තම ඔබන්න. එවිට pop up window එකක් open වෙලා මෙහි application එකට අවසර ලබාගැනීම විමසයි, එවිට allow  කරන්න.


3. ඊළඟට ඔබට මෙන්න මේ වගේ දිස් වෙයි. Loading Your Movie කියල. මෙහි කාලය ඔබගේ facebook ජීවිතයේ ගතකල කාලයට සමානුපාතිකව වැඩි විය හැක. ඒත් ලොකු කාලයක් යන්නේ නැහැ විනාඩි 5-10 ක් යයි. ඒකට ඒ වැඩේ කරගන්න දීල එතකන් වෙන වැඩක් කරාම හරිනෙ Smile with tongue out 


Capture
Capture2


පියවරෙන් පියවර ගත්ත screen shots තමයි මං මේ දාල තියෙන්නෙ. මොකද application ඒකට යන්න කලින් පැහැදිලි අවබෝධයක් ගන්න ඒක හොඳයි නේ. මේකෙ මේ තමන්ගෙ images upload උනා කියල බය වෙන්න එපා. මොකද තමන්ගෙ visual archive එක වෙන කෙනෙකුට බලන්න බැහැ. එහෙම බලන්න link එකක් වත් මේ අය සපයන්නෙ නැහැ. ඒක හින්ද privacy ගැන හිතන කට්ටිය කිසි දේකට බය වෙන්න එපා.


ඔය පියවරයන් සියල්ල ඉවර උනාට පස්සෙ තමන්ගෙ visual archive එක ලස්සනට බලාගන්න පුළුවන්. ඒකෙ නම් screen shots දෙන්න විදියක් නැහැ. මොකෝ මගේ privacy ගැනත් හිතන්න එපැයි Smile with tongue out
visual එක අවසානයේදී මෙහෙම දිස් වෙයි 


Capture3
Capture4


ඔතනදි තමන්ට visual archive එකේ වැදගත් ස්ථාන අඩංගු photo album එකක් උනත් තමන්ගෙ album ගොන්නට එකතු කරගන්න පුළුවන්. අනිවාර්‍ය නැහැ. ඔතනින්ම ඕනේ නම් මේ application එක share කරගන්නත් පුළුවන්.


කරලම බලන්නකො..ඇත්තටම හරිම ලස්සනයි.



----------- එහෙනම් අදට අපි ගියාවෙ, ආයෙ Short-Kut එකක් උස්සන් එන්නම් ------------

5 comments:

Nishan de siva said...

elaz

Anonymous said...

niyamai......

Anonymous said...

thanx machan

මහසෝණා said...

පට්ට..!

Anonymous said...

elama ekak ...thnx
පුලුවනුනොත් මගේ බ්ලොග් එකත් ගිහින් බලන්න ..
http://globallk.blogspot.com/
http://webloglk.blogspot.com/

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...