16 June 2011

◄ව්‍යාජ(Fake) Facebook ගිණුමක තතු SLCERT එකට නිවැරදිව ඉදිරිපත් කරමු.

facebook-fakebook

අද මම කියන්න යන්නෙත් එක්තරා විදියක Short-Kut එකක් තමයි. බොහෝ දෙනෙකුට තියෙන කරදරයක් තමයි තමන්ගේ නම්, ගම්, පින්තූර, දුරකථන අංක, ලිපන භාවිතා කරමින් ව්‍යාජ විදියට ඇතැම් පුද්ගලයින් Fake facebook profiles හදන එක. එහෙම කරන ගොඩක් අයගේ බලාපොරොත්තුව තමයි අදාළ පුද්ගලයට අපකීර්තියක්‌, අවැඩක් සිදුකිරීම. එහෙම පීඩාවකට ලක්වුණ කෙනෙක් පත්වෙන අපහසු තාවය සුළු පටු නැහැ. ඉතින් ඔය පිළිබඳව රජයෙන්ම මැදිහත් වෙලා පැමිණිලි පිලිබඳ සොයා බලා කටයුතු කරන ආයතනය තමයි SLCERT(Sri Lanka Computer Emergency Response Team) කියන්නෙ.
ඉතින් තමන්ටත් මේ වගේ ගැටළුවක් තියෙනම් මේ අයගේ පිහිට පතන්න පුළුවන්. ගොඩක් අය මේකට බය වෙන්නෙ විවිධ නීතීමය පියවරයන් සමග ගනුදෙනු කිරීමට ඇති බය නිසයි. ඒත් මේකට බය වෙන්න ඕන නැහැ. මොකද මේක තියෙන්නෙ අපේ උදව්වට තමයි.
මං මේක එක්තරා විදියක Short-Kut එකක් කීවෙ, මම දැකල තියෙනව ගොඩක් අය Facebook එකට Report කරල, යාළුවන්ගෙනුත් Report කරන්න උදව් ඉල්ලමින් විඳින දුක. එහෙම කලත් ප්‍රයෝජනයක් වෙන්නෙ නැති ප්‍රතිශතය වැඩියි. ඉතින් SLCERT එකෙන් උදව් ලබාගැනීම ඉක්මන් වගේම පහසුයි. මොකද රාජ්‍ය මට්ටමේ මැදිහත්වීමකින් කෙරෙන (නිරවද්‍ය සහ නිදොස් )පැමිණිල්ලක් පිළිබඳව facebook ආයතනය දැඩි අවධානයක් යොමු කරනවා වගේම ඉක්මනින් ක්‍රියාමාර්ගත් ගන්නවා.
කාට හරි ඕනෙ නම් දුරකථන මාර්ගයෙන් උනත් සම්බන්ද වෙලා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්.ඒත් මං මේ කියන්න යන දේවල් ඒ අයට අවශ්‍ය කරනවා.
ඒ හින්ද නිවැරදි විදියටම එකෙන්ම වැඩේ ගොඩ දාන හැටියි මං මේ කියන්නෙ Winking smile
  • මෙතැන් සිට ඉදිරියට පෙලගැස් වෙනුයේ පැමිණිල්ල සඳහා අවශ්‍ය වන දත්ත ගොනු කරන ආකාරයයි.
*වැදගත් - මේ සියලුම තොරතුරු Microsoft Word වලින් එක ලිපි ගොනුවක් (file) ලෙසට සකසා යැවිය යුතුය.
  • Perconal Details / පෞද්ගලික තොරතුරු
Full Name / සම්පුර්ණ නම
Address / ලිපිනය
Contact No. / දුරකථන අංකය
National ID or Passport No. / ජා. හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍ර අංකය 
E-mail Address / විද්‍යුත් ලිපිනය
  • Scanned Copy of you National ID or Passport / ජා. හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රයේ ස්කෑන් පිටපතක්
  • Written request address regarding Impersonating/Fake/Hack etc. / ව්‍යාජ ගිණුම සම්බධයෙන් කරන ලිඛිත ඉල්ලීමක්.
  • URL of your Original profile copied as text / ඔබගේ නියම ගිණුමෙහි සබැඳිය
url
  • Screen capture (Print Screen) of Original Facebook account (Print Screen) copied to Word Document as Image / Word ලිපි ගොනුවෙහි පින්තුරයක් ලෙස සුරැකි කල, ඔබගේ නියම ෆේස්බුක් ගිණුමෙහි “තිර සටහනක්” 
print-screen-button
  • URL of your Fake profile copied as text / ව්‍යාජ ෆේස්බුක් ගිණුමෙහි සබැඳිය
url
  • Screen capture (Print Screen) of Fake Facebook account (Print Screen) copied to Word Document as Image and highlighting that how misuse of your information/Privacy/Photos took place. / ව්‍යාජ ෆේස්බුක් ගිණුමෙහි, ඔබගේ තොරතුරු, චායාරූප අනිසි ලෙස යොදා ඇති ආකාරය හුවා දක්වමින්, ව්‍යාජ ගිණුමෙහි ලබාගන්නා “ලද තිර සටහන්” ( Word ලිපි ගොනුවෙහි පින්තුරයක් ලෙස සුරැකි කල )

හරි දැන් මේ විදියට හදාගනිපු ඔයාලගේ පැමිණිල්ලේ ලිපිගොනුව  slcert@slcert.gov.lk  යන විද්‍යුත් ලිපිනය වෙත යොමු කරන්න.

මීට අමතරව යම් තොරතුරක් හෝ කරුණක් ඔබ වෙත දැනුම් දීමට ඇතිනම් එම ආයතනයේ නිලධාරියෙකු ඔබව විද්‍යුත් ලිපි මාර්ගයෙන් හෝ දුරකථන මාර්ගයෙන් වහා සම්බන්ද කරගැනෙනු ඇත.
---------------------------------------------------------------------------------------------------------------
තරමක් දීර්ග උනත් මහන්සි නොබලා ලිව්වේ අද ෆේස්බුක් එකෙන් වෙන නොයෙකුත් අකටයුතුකම් වෙනුවෙන් පොඩි හරි සහනයක් ලබාදෙන අරමුණෙන්. ඒ නිසා සුළු හෝ ප්‍රතිචාරයක් දක්වලා යන්න පුලුවන්නම් එය මහත්සේ අගයකොට සලකනවා.Be right back

----------තවත් වැදගත්,වටිනා කියන Short-Kut එකකින් හමුවෙමු--------------

3 comments:

Anonymous said...

දැන් කෙලෙක් වගේ ඇවිත් ව්‍යාජ ගිනුමකින් කාව හරි කොලෙක් අන්දලා. ඔහුට වෙනත් ක්‍රමයකින් අපහස කලොත් මෙයාලට ඔහුව අල්ලන බල තල තිබේද

නැතිනම් අපේ ගිනුමට සමාන ගිනුමක් තිබුනොත් විතරද අල්ලන්නේ.

මෙයාලා Facebook වැරදි විතරද අල්ලන්නේ ?

short.kutz said...

SLCERT කියන්නෙ අන්තර්ජාලයේ සිදුවන මුදල් වංචා, අඩවි hack කිරීම්, facebook ගිණුම් හැක් කිරීම් වගේ දේවල් වලට මැදිහත් වෙලා hack උන ගිණුම නැවත ලබා දෙන, ව්‍යාජ ගිණුම් අත්හිටුවන වගේ ක්‍රියාවන් සිදු කරන තැනක්.
ඔය වගේ දේවල් වලින් ලේසියෙන්ම ගැලවෙන්න පුළුවන් තමන් නන්නාඳුනන පුද්ගලයන් එක්කර ගැනීමෙන් වැළකී සිටීමෙන්.

Didi said...

නොදැන හිටපු දෙයක් අයියේ...බොහොම ස්තූතියි.

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...