25 June 2011

◄රට රටවල රෝන්දෙ ගහන්න කියල දෙන්නයි අපේ ලෑස්තිය

Samolet-13

අද ටිකක් වෙනස්ම මාතෘකාවක් ගැන කතා කරන්නයි යන්නෙ. රට රටවල ඇවිදින්න අපි කොයි කවුරුත් ආසයිනෙ. ඒකට පොඩි support එකක් දෙන්න පුලුවන්නම් කියල හිතිලයි මේක ලියන්නේ.මේක Short-Kut එකක් මත් නෙමෙයි,කාටහරි කවදාහරි වැදගත් වෙයි කියල හිතුන හින්දයි මේ ආකාරයේ දෙයකුත් එකතු කරන්න හිතුනෙ. රට රට වල සංචාරය කරන්න නම් ඉතින් අපිට වීසා කියන දේ අනිවාර්යයි. වීසා එකක් නැතුව කොයි රටකට වත් ඇතුල් වෙන්න නීතිමය අවසර අපිට නැහැ. වීසා ගැන කතා කරද්දීත් වීසා වර්ග කිහිපයක්ම තියෙනවා හැම රටකම. ඉතින් මගේ බලාපොරොත්තුව රවුමක් ගහන්න යන අයට රටවල් කිහිපයක සංචාරක වීසාවක්‌ (tourists visa / visit visa) එකක් නිවැරදිව අයදුම් කරන්නේ කොහොමද කියල කියල දෙන්නයි.

මුලින්ම කියන්න ඕන මේ ගැන, මම මේ කට්ටියව රට යවන ඒජන්සි කරන පොරක් නම් නෙමෙයි.Smile with tongue out පෞද්ගලිකව මේ දේවල් ගැන හොයල බලල සහ අයදුම් කරලා සාර්ථක වුන අවස්ථා සහ අත්දැකීම් මතයි මම මේ කරුණු ඔබ වෙත ගෙන එන්නෙ. ඒ හින්ද මචන් මාව අරෙහෙට ගෙනිහින් දාපන්, මෙහේ එක්ක පලයන් කියල පණිවුඩ නම් තියන්න එපා Winking smile

හරි මේක හිතන තරම් ලේසි කාරණයක් නෙමෙයි, හැබැයි හරියට තේරුම් ගතහොත් ඒජන්සියකට බරගානක් ගෙවල යන සංචාරයේ මුදල් ඉතිරි කරගෙන හොඳට විනෝද වෙන්න පුළුවන්. තමන්ටම කරගන්න පුළුවන් පුංචි පුංචි දේවල් වලට මොකටද ලොකු ගණන් වියදම් කරන්නෙ. අන්න ඒකයි Short-Kutz බ්ලොග් කරණයට මේකත් එකතු වෙන්නෙ.

මම දන්නා කියන රටවල් කිහිපයකට සංචාරක වීසා සඳහා අයදුම් පතක් නිවැරදිව ඉදිරිප්පත් කරන ආකාරය ලිපි පෙළක් ආකාරයට ඉදිරියට ගෙන එන්න සූදානම් වෙනවා. Smile 

එම ලිපි ඉදිරියට කොටස් වශයෙන් පල කරන්න තමයි මගේ බලාපොරොත්තුව. මොකද එක් ලිපියකින් එක රටක වීසා ලබාගැනීම ගෙනහැර දක්වන්න අමාරුයි.

මේ එම ලිපි පෙළ පල කිරීමට ප්‍රථම කරන හඳුවදීම පමණි.Nerd smile

මේ පිළිබඳව ඔබේ අදහස් හා යෝජනා දැන ගන්න කැමති.

* ඒ වගේම ඔබ සතුවත් යම් කිසි මේ සම්බන්ධ දැනුමක් තියෙනම් අනිත් අය සමගත් බෙදා ගන්න කැමති නම්, එයද මේ ලිපි මාලාවට එක් කිරීමේ හැකියාවක් පවතිනවා. එසේ ලිපියක ඉදිරිපත් කරන්න පුලුවන්නම් අපගේ අඩවියේ ඉහත ඇති “contact” පිටුවට පිවිස විස්තර විමසිය හැකියි. එය ඔබගේම blog අඩවියක ප්‍රකාශයට පත කර සබැඳියක් පමණක් සැපයීමද ප්‍රමාණවත්. මොකද මෙහි ප්‍රධාන අරමුණ දැනුම හුවමාරු කරගැනීම පමණයි.

4 comments:

aga said...

elaz!! good work keep it up!!!

හංසි said...

niyama idea 1k.

Anonymous said...

මට ඔයාගේ blog එකෙ තියන අර උඩ ගෙනියන button දාන විදිහ කියල දෙන්න කෝ? එකයි අර share button එකත් දාන විදිහ කියලා දෙන්න...
please..මම ඔයගෙ බ්ලොග් එක ෆොල්ලොව් කරන්නම්

Anonymous said...

පට්ට ආ

පුලුවනුනොත් මගේ බ්ලොග් එකත් ගිහින් බලන්න ..
http://globallk.blogspot.com/
http://webloglk.blogspot.com/

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...