13 June 2011

►Travel කරන අයට Short-Kut ╩

පළමු හැඳින්වීමේදීම කිව්වා වගේ ඔන්න  Short-Kut හිතට විවිධාකාරයේ  Short-Kutz පහල වීගෙනයි එන්නෙ.

අද කියල දෙන්න යන්නෙ ගොඩක් නිතර දෙවේලේ රට යන (නිතර දෙවේලේ යන අයට විතරක් නෙමෙයි මේක විදේශ ගමනක් යන හැමෝටම වලංගුයි) අයට පොඩි  Short-Kut එකක්.

සැ.යු. - බෝට්ටුවෙන් ඉතාලි ගෙන යෑම, හොර වීසා, පාස්පෝට් සැපයීම වැනි  Short-Kut එකක් නම් නෙමෙයි මේක.(හික්..හික්..)

මේකයි කතන්දරේ, දැන් ඔය රට යන ඇත්තො එහෙම passport, visa, ticket අරගෙන Airport එකට යනවනේ. නියමිත විදියට නම් Flight එක පිටත් වෙන වෙලාවට පැය 3 ට කලින් Airport එකට එන්න කියලයි කියන්නෙ. ඒත් ඉතින් පැය 3 ක් වේලාසනින් ගිහින් Check-in වෙලා ඊට පස්සේ යනකන් ඕක ඇතුලේ ඉන්න ගියාමනේ එපා වෙන්නෙ. විශේෂයෙන් ලංකාවේ වගේ අපේ පොඩි ගුවන්තොටුපොළක ඔච්චර වෙලා ඇවිදින්න තැනකුත් නැහැ. අනිත් එක තමයි check-in වෙන්න ගියාම සමහර Flights/Airlines වල තියෙන පෝලිමේ හිටගෙන ඉන්න එකත් එපා වෙන වැඩේ.

ඔන්න ඕකට පොඩි  Short-Kut එකක් තියෙනව කියල දන්නවයි??

අනේ හත් දෙයියනේ Online Check-in කියන්නෙ ඔන්න ඕකට තමා, ගොඩක් අය දැකල ඇති ඔයාල බඩු අතින් කටින් උස්සගෙන passport, ticket අතට අරගෙන හෙන නයා වගේ දඟර ගැහුන පෝලිමක ඉන්නකොට, තව සෙට් එකක් පැත්තකින් කොට පෝලිමෙන් ඉක්මනට Check-inවෙලා යනව. (ඕක දැකල උහුලගන්න බැරුව අනිත් අයත් ඔය කවුන්ටරේට රිංගන්න ගිහින් වලි දාගන්නව)



ඉතින් වලි දාගන්නේ නැතුව ඔයාලත් ගෙදරදීම Online Check-in දාගෙන යන්නකෝ. ගොඩක් අය මේ ක්‍රමේ ගැන දැන ගත්තත් කරල බලන්න බයයි. බය වෙන්න කිසි හේතුවක් නෑ.මේක Passengers ලගේ පහසුව වෙනුවෙන්ම ගුවන් සමාගම් විසින් හඳුන්වල දීල තියෙන්නෙ.

  •  පියවර
1. තමන්ට තියෙන්නෙ Ticket එක ගත්තට පස්සේ , තමන් අදාළ ගුවන් සමාගමට අයත් website එකට යන එකයි. 

2. ඒ ඕනෑම website එකක තියෙනව Online Check-in කියල කොටසක්. අන්න එතනට ගියාම වැඩේ ඔයාලටම කරගන්න තේරෙනව. ගොඩක් වෙලාවට කරන්න තියෙන්නෙ තමන්ගේ නම (Name) සහ ටිකට් පත් අංකය (E-Ticket No.) ඇතුළු කරන්නයි. 

3. ඉන් පසුව තමන්ගේ නම සමග ගුවන් ගමනේ විස්තර තිරයේ දිස් වේවි.

 එතන ඉඳන් කරගෙන යන්න ඕන විදිය ඔයාලටම තේරෙනව. අතිශය සරල විදියටයි පියවරයන් තියෙන්නෙ.
මේකෙන් ලැබෙන වාසියක් තමයි තමන්ට කැමති ආසනයක් තමන් විසින්ම තෝර ගන්නත් පුළුවන්. මොකද කවුන්ටර් එක ලඟට ගිහින් Windows seat එකක් හරි Isle Seat එකක් හරි ඉල්ලනකොට තමන් කැමතිම ආසනය නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

මේ Online Check-in ක්‍රියාවලිය අවසානයේ ඔයාලට Checked-in උන විස්තර ඇතුලත් පිටුවක් ඒ අය විසින් සපයනවා. ඒකෙ print out එකක් අරගෙන යන්න පුලුවන්නම් වැඩිය හොඳයි, නැතත් ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ Seat Number එක මතක තියාගෙන යන්නකෝ. 

මෙහෙම යද්දී පැය 3 ට කලින්ම Airport එකට යන්න ඕන වෙන එකක් නෑ.Short-Kut

* Check-in කරද්දි හැම ගුවන් සමාගමක්ම අවම වශයෙන් කවුන්ටර් 3 ක් වත් පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට ඒකෙන් දකුණු පැත්තේ කෙලවරේ කවුන්ටරය තමයි Online check-in වුන මගීන්ට තියෙන්නෙ.

එහෙම නැත්නම් කවුන්ටරේ උඩ  තියෙන Display එකෙත් තියෙනව, ඒකෙ නැත්නම් වෙනම පොඩි Display board එකක් කවුන්ටරේ උඩ තියල ඇති Online check-in කියල.

ගොඩක් අයට පහසුවක් වෙන්න ඒ වගේ ගුවන් සමාගම් කිහිපයකOnline check-in , Links කිහිපයක් මම මෙතන දාන්නම්.


මේ සමහර sites, Flash ඒවා නිසා Direct Link එකක් ගන්න අමාරුයි, ඒත් බැලූ බැල්මටම පේනව ඕවයේ Check-in online / Online Check-in / Check-in කියල තැනක් තියෙනව. එතෙන්ට ගියා නම් වැඩේ හරි.

-----------------------------------ඔන්න එහෙනම් ඒ Short-Kut එකත් නිමි-----------------------------

2 comments:

Asanka said...

නියමයි. කවදා හරි ඕනි වෙයිනේ. ස්තුතිය මචං

short.kutz said...

@ Asanka බොහොම ස්තුති මචං, මගේ බ්ලොග් එකේ එකකට ලැබිච්ච පලවෙනි එක මේක. හරිම සතුටුයි. ඉදිරියටත් මේ වගේ වැදගත් වෙන Short-Kutz අනිවාර්යෙන්ම ගේනවා.

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...