ඔන්න හා හා පුරා කියල බ්ලොග් කෙරුවාවටත් බහින්නයි අදහස, Short-Kutz කියල නමක් දාගත්තට මොකද මේකේ මොන මොන විදියෙ Short-Kutz වැටෙයිද කියල මම වත් තවම දන්නෙ නැහැ. කොයි වැඩේටත් Short-Kut එකක් තිබුන නම් ලේසියිනේ කියන පරම පිවිතුරු චේතනාවෙන්තමයි මේකේ නම් තැබීම සිදු උනේ.
හැම වැඩේටම Short-Kutz හොයන්න ගිහින් ඇන ගන්න ඕනත් නැති එකේ...පුලු පුළුවන් විදියට Short-Kutz හොයමු නේද? හැබැයි මේක Short-Kutz කියන තේමාවට විතරක්ම සීමා වෙන එකක් නැහැ.
මේ හැඳින්වීම දාන වෙලාවෙ මේක බලන්න මගේ කෙල්ල ඇරුනම එකෙක් වත් නැති උනාට, වැරදිලා වත් Google දෙයියන්ගේ මග පෙන්වීමකින් වත් එකෙක් හරි මේ පැත්තට යොමු වෙලා අවොත් අන්න උන්ට " මොකද්ද යකෝ මේ? "කියන ප්‍රශ්නෙට උත්තරයක් තියෙන්න ඕන හින්දයි මේක ලියන්නෙ.
එහෙනම් පලවෙනි Short-Kut එකට ඉක්මනටම එන්න කියල, හැඳින්වීමට ආයුබෝවන් කියනව...







No comments:
Post a Comment