19 June 2011

◄Blog එකට Templates හොයල එපා වෙලාද? හොඳ එකක් set උනේ නැද්ද? මෙන්න Short-Kut එක

බර කාලයක් තිස්සෙ ඉඳං බ්ලොග් ලියන අයනම් මේක දන්නවත් ඇති. ඒත් නොදන්නා අයත් ඇතිනේ මේ මං වගේ. ඒ හින්ද ඒ අයටත් එක්ක මං අද කියන්න යන්නේ අපිටම කියල Template කෑල්ලක් හදාගන්න පුළුවන් Short-Kut එකක් ගැන…ඔව් පොඩි Software කෑල්ලක් තමයි.

බ්ලොග් එකට template එකක් හොයන්න ගිහින් අන්තර්ජාලයේ අතරමං වෙච්ච වෙලාවක හිතුනේ මට ඕන විදියට මේ එකක් වත් නෑනේ. අයි මටම එකක් හදාගන්න බැරි? එහෙම tool එකක් වත් තිබ්බනම් කියල Google එක ඔස්සේ හොයාගෙන යනකොට තමයි මේ භාණ්ඩේ හම්බ උනේ.
Artisteer කියන නමින් තමයි මේක එලි බැහැල තියෙන්නෙ

Artisteer_logo2


භාවිතය නම් අති සරලයි, පහසුයි. ඕනෑම මට්ටමේ  දැනුමක් තියෙන  කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් වෙන විදියට තමයි හදල තියෙන්නෙ. Sidebar, Menu, Header, Content, Footer අරවද මේවද හැම එකක්ම අපිට ඕන විදියට වෙන වෙනම modify කරගන්න පුළුවන්.

තමන්ට වැඩිය කලාත්මක අදහස් එන්නේ නැත්නම් ඔය ඕනෑම section එකක suggest කියල එකක් තියෙනවා. එක ඔබල, ඒකෙන් අපිට යෝජනා කරන විදියක් උනත් පාවිච්චියට ගන්න පුළුවන්. User friendly එකේ උපරිම එක.

මේ තියෙන්නෙ Software එක, පොඩි අදහසක් ගන්න මේක බලන්නකෝ.


artisteer-main


දැන් ඉතින් අනුන් හදපු Templates, net එක පුරා පීර පීර හොයපු කාලේ ගියා. “තමන් හිසට තම අතමය සෙවනැල්ල” කියල වැඩ පටන් ගන්නයි තියෙන්නෙ. මගේ Template එකත් ළඟදීම update කරන්නයි හිතන් ඉන්නෙ මේකෙන්, බලමුකෝ… Be right back

ගන්න ඕන අය පහලින් තියෙන ලින්ක් එකට ගිහින් බාගෙන බලන්න. Keys හොයාගන්න එක මහ කජ්ජක් නෙමෙයි නේ. ඒ වැඩේ ඔයාලට බාරයි.

ඔන්න එහෙනම් මෙතන කොටල බාගන්න.

----------------------------තව Short-Kutz ඉදිරියේදී එනව හොඳේ-----------------------

1 comment:

ගිනි අව් සහ ගිනි කෙලි said...

රෙස්ලින් වලට කෑමතිනම් මෙහෙට එන්න පොස්ට් එක හොදයි http://wrestlingsl.blogspot.com/

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...