05 December 2011

◄ Blog එකේ Related Posts වල Slides පෙන්වන ක්‍රමයක්

 

ඔව් wordpress blogs වල මීට කලින් ඔබ කවුරුත් දැකල තියෙන related posts slides දැන් blogspot blogs වලටත් දාන විදියක් තමයි මම කියල දෙන්න යන්නෙ. මෙමගින් ඔබගේ blog අඩවියට එන visitors ලට page එකේ දකුණු පහල කෙලවරේ related posts recommend කරන slide එකක් දැකගන්න පුළුවන්. මගේ blog එකේ පහලට scroll කරල බලන්නකෝ. මෙන්න මේ වගේ පෙනෙයි.

Capture

අපි බලමු මේක අපේ blogspot blog එකකට දාගන්නෙ කොහොමද කියල. Winking smile

  • මුලින්ම Simple Reach කියන අඩවියට ගිහින් Sign up වෙන්න.
  • Sign up වීමේදී ඔබට මෙම widget එක ඇතුලත් කරන්න අවශ්‍ය blog එකේ URL එක ලබා දෙන්න.
  • පසුව ඔබගේ account page එක මේ විදියට පෙන්වයි.

slide1

  • මෙහි සඳහන් වෙන විදියට දෙවනුව ඔබගේ platform එක blogger ලෙස තෝරාගන්න.
  • තෙවනුව blogger account එකට log වෙලා එහි Design > Edit HTML > Downoad Full Template” යන්න click කර ඔබ දැනට බාවිතා කරන template එක download කරගන්න. (මෙම template එක backup කරගන්නවානම් වඩාත් සුදුසුයි, මොකද යම් බලාපොරොත්තු නොවූ වෙනසක් සිදු උනොත් ආයෙම backup කරගනිපු template එක upload කරන්න පුළුවන් නිසා)
  • පසුව රූපයේ 4 ලෙස සඳහන් කල තැන තියෙන “choose file” යන්නෙන් download කරගත් අපගේ template එක මෙම අඩවියට upload කරන්න.
  • ඉන්පසු මෙලෙස දිස්වෙයි.

slide2

  • මෙහිදී step 5 හි සඳහන් තැනින් ඔබගේ අලුත්වැඩියා වුනු template එක download කරගන්න.
  • step 6 හි සඳහන් පරිදි ඒ ලබාගත් නව template එක blogger වෙත ගොස් design > Edit HTML වෙත පිවිස එහි ඉහලින්ම ඇති “choose file” යන්නෙන් නව etmplate එක තෝරාගෙන upload කරන්න.
  • පසුව step 7 හි පරිදි “save template” දෙන්න.
  • ඔන්න දැන් ඔබගේ related posts slides widget එක දැන් දාල ඉවරයි.

* වැදගත් -

  1. මෙය ඔබගේ home page එක තුල ක්‍රියාත්මක නොවේ. posts වලට අදාළ පිටුවල පමණක් ක්‍රියාත්මක වේ.
  2. ඔබගේ සියලුම පෝස්ට්ස් මේ widget එකට ඇතුලත් කරගැනීම සඳහා මිනිත්තු 30 ක පමණ කාලයක් ගතවේ. එය ස්වයන්ක්‍රීයව සිදුවන නිසා ඔබ ඒ ගැන කලබල නොවන්න.

 

- Short-Kutz -

1 comment:

DCDW said...

Good Post. Keep it up...

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...