ඔන්න Short-Kutz අද ඉඳල තවත් category එකක් ආරම්භ කරන්නයි යන්නෙ. ඒ Short-Kutz Movies (SK – Movies). මේකෙන් අපි ලස්සන චිත්‍රපටි ඔබට හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනව. අලුත් ඒවා වගේම පරණ ඒවත්. movie එකක් download කරගන්න කලින් හොඳ review එකක් දැක ගන්න තියෙනවනම් බය නැතුව download කරන්නපුලුවන්නෙ. අන්න ඒවගේ හොඳ කතාවක් තියෙන ලස්සනම ලස්සන movies විතරයි මේකෙ දාන්නෙ.
The Pursuit of Happyness (2006) (ලුහුබැඳ ගිය සතුට)
2006 වර්ෂයේදී එලි දැක්වී තිබෙන මෙම චිත්‍රපටිය Will Smith ප්‍රධාන රංගනයෙන් දායක වෙනව. මිනිත්තු 117 පුරා දිවෙන මෙම චිත්‍රපටියට IMDB තුල 7.8 ක ratings හම්බ වෙලා තියෙනව. ඉතින් හිතන්නකො කතාව කොච්චර ලස්සන ඇත්ද කියල. කතාව ගැන කෙටි හන්දිවීමක් කරන්නම් එහෙනම්.
ඇත්තම කිව්වොත් මේක මම බලපු films වලින් ලස්සනම එකක්. නැවත නැවත උනත් බලන්න පුළුවන්. හරිම සංවේදී කතාවක්. මේ කතාව ගොඩනැගෙන්නෙ සත්‍ය කතාවක් ඇසුරින්. Christopher Gardner කියන්නෙ වෛද්‍ය වෙළඳ උපකරණ වර්ගයක් විකුණන වෙළඳ නියෝජිතයෙක්. ඔහු එම උපකරණ ලබාගන්නෙ ලොකු ආයෝජනයක් කරල. ඒ කොතෙක්ද කියනවනම් මොවුන්ගෙ පොඩි පුතා සහ බිරිඳ ඇතුලත් පවුලම මුදල් හදල් පැත්තෙන් ලොකු අගාධයකට වැටිලයි ඉන්නෙ. කොහොම නමුත් Christopher Gardner කියන්නෙ අධෛර්යමත් පුද්ගලයෙක් නෙමෙයි. නමුත් කොච්චර අධෛර්යමත් පුද්ගලයෙක් උනත් ජීවිතයේ දරාගන්න බැරි තරම් ප්‍රශ්න එනකොට අසරණ වෙනව. ඒ අසරණකම්, බාධක අතරින් Christopher Gardner ජීවිතය ගෙනියන්නෙ කොහොමද කියල film එක download කරගෙනම බලන්න. ඇහැට කඳුළු එකතු වෙන සංවේදී ලස්සනම ලස්සන කතාවක්. ඕන කෙනෙකුට ගැලපෙනවා.
මෙන්න 300 MB Mediafire Links
Part – 1 , Part – 2 , Part – 3 , Part – 4
Password - urgrove.com
*Files ටික extract කරගන්න HJSplit භාවිතා කරන්න. Click Here (190KB)
3 comments:
ලස්සන සිනෙ සිතුවමක්...මම මේක බලලා තියනවා..විල් ස්මිත්ගේ සහ පොඩි එකාගෙ රඟපෑම අතිවිශිෂ්ඨයි..
බොහොම ස්තුති යාළුවා අදහස් දැක්වීම ගැන.
Nice blog machan.. keep it up
Post a Comment