18 October 2011

◄ජපානයට සංචාරක වීසා ලබාගැනීම - 2 කොටස

ඔන්න පොරොන්දු උන විදියටම අද කතා කරන්න යන්නෙ පහුගිය කොටසෙන් කියපු ලිපි ගොනුවට අදාළ ලිපි ලේඛන සකස් කරගන්නේ කෙසේද කියලයි. පහුගිය කොටස බලපු නැති අය ඉන්නවනම් මුලින්ම ඒ කොටස බලල ඉන්න කියල ආරාධනාවක් කරනවා.

◄ ජපානයට සංචාරක වීසා ලබාගැනීම - 1 කොටස

එහිදී මම අවශ්‍ය කරන ලිපි ලේඛන කොටස් දෙකකට වර්ග කරා,

  • ඔබ විසින් එක්රැස් / සකසා ගතයුතු ලිපි ලේඛන
  • ඇරයුම්කරු විසින් ඔබ වෙත සැපයිය යුතු  ලිපි ලේඛන

මෙහිදී ඔබ විසින් සකසා ගතයුතු ලිපි ලේඛන වලින් වැදගත් වෙන්නෙ වීසා අයදුම් පත්‍රයයි. අනිත් ලිපි ලේඛන සියල්ල එක් රැස් කරගැනීම පමණක් අවශ්‍ය වන නිසා ඒ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒ හින්ද අපි බලමු නිවැරදිව වීසා අයදුම්පත්‍රය පුරවගන්නේ කොහොමද කියල. තානාපති කාර්යාලයට ගියාට පස්සෙ ඔබට අයදුම්පත්‍රය ලබාගන්න අවශ්‍ය වෙබ් ලිපිනය ලබාදීම තමයි සිදු කරන්නෙ. එය ලබාගෙන අතින් පිරවීම හෝ පරිගණකය මගින් යතුරුලියනය කිරීම යන ක්‍රම දෙකම වලංගුයි. මේ තියෙන්නෙ ඔබ අයදුම් පත්‍රය පිරවිය යුතු නිවැරදි ආකාරය පෙන්වන උදාහරණයක්, පැහැදිලි කිරීම් සහිතවම මම දාල තියෙන්නෙ. රූපය විශාලනය කරල බැලුවම හැමදෙයක්ම පැහැදිලි වෙයි.

Visa Application

අයදුම් පත්‍රය නිවැරදිව පුරවා ගත්ත කියන්නෙ. පළමු ලිපි ලේඛන ගොන්නෙ අනිත් ලිපි ලේඛන ටිකත් එකතු කර ගත්තම පළමු ගොනුව නිම කරගෙන ඉවරයි කියන එකයි.

මේ හැමදෙයක්ම තානාපති කාර්යාලයේ වෙබ් අඩවියේ සටහන් උනත් සමහර අය මේවා බලන්නෙ නැතුව දාල තමයි වැඩ වරද්ද ගන්නෙ.ඒකයි මේ හැම එකම පැහැදිලි සිංහලෙන් මම කියල දෙන්නෙ.

වීසා අයදුම් පත්‍රය ලබා ගැනීමට මෙතනට යන්න

---------------------------------------------------------------------------------

දැන් පලවෙනි ලිපි ගොනුව ඉවර හින්ද අපි යමු දෙවෙනි ලිපි ගොනුවට. ඒ ලිපි ගොනුවෙනුත් ඇරයුම් කරන්නා විසින්ම සකසා ගත යුත්තෙ ලිපි ලේඛන 3 ක් විතරයි, අනිත් සියල්ල තමාගේ ගමන් බලපත්‍ර කොපියක්, පදිංචි සහතිකය වැනි එක් රැස් කරගැනීම පමණක් අවශ්‍ය ලිපි ලේඛන.

අපි බලමු ඇරයුම් කරන්නා විසින් සකසා ගත යුතු ලිපි ලේඛන 3 මොනවද කියල.

  1. Letter of Reason for invitation (ඇරයුම් කිරීමේ හේතුව සඳහන් ලිපිය)
  2. Letter of guarantee (අයදුම් කරන්නා වෙනුවෙන් වගවීමේ ලිපිය)
  3. Schedule of stay (කාල සටහන)

මේ ලිපි තුනම තානාපති කාර්යාලයේ වෙබ් අඩවියෙන් ලබාගන්නයි තියෙන්නෙ.ඇරයුම් කරන්නාට තියෙන්නෙ ඒ තුන අරගෙන අදාළ තොරතුරු ඇතුලත් කරල පිරවීම පමණයි.හරිම ලේසියි.

මෙන්න මෙතනින් ඒ ලියකියවිලි ගොණුවම භාගත කරගන්න

මීට අමතරව තව එක දෙයක් ඕන වෙනව.ඒ තමයි ඔබත් එක්ක සංචාරයට තවත් පුගලයෙකු හෝ කිහිප දෙනෙක් එකතු වෙනවනම් ඔවුන්ගේ විස්තර ඇතුලත් ලියවිල්ල. ඒක List of Applicants කියල හඳුන් වනවා. ඒක මෙතනින් ගන්න පුළුවන්.

List of Applicants

* අවධාරණය කරගත යුතු දෙයක් තමයි ඔබත් සමග තව අය වීසා අයදුම් කරනවානම් ඒ හැම කෙනෙකුටම වෙන වෙනම Guarantee and Invitation Letters අවශ්‍ය වෙන්නෙ නැහැ.

අපි බලමු එකින් එක දැන් මේ ලිපි පුරවා ගන්නෙ කොහොමද කියල,

1. Letter of Reason for invitation (ඇරයුම් කිරීමේ හේතුව සඳහන් ලිපිය)

මෙන්න මේ රූපයේ පැහැදිලිවම විස්තරත් එක්ක පුරවන විදිය මං සටහන් කළා. image එක උඩ click කරානම් පැහැදිලිව බලාගන්න පුළුවන්.

invitation

 

2. Letter of guarantee (අයදුම් කරන්නා වෙනුවෙන් වගවීමේ ලිපිය)

ඔන්න ඒකත් සවිස්තරවම රුපයේ සටහන් කරලයි තියෙන්නෙ.පැහැදිලිව බලාගන්න image එක මත click කරන්න.

guarantee

 

3. Schedule of stay (කාල සටහන)

මේ ආකාරයට ඔබ ජපානයේ ගත කරන දින පිළිබඳව සවිස්තර කාල සටහනක් ඉදිරිපත් කරන එක ගොඩක් වටිනවා. ඒ නිසා මෙම කාල සටහනට සියලු ගමන් බිමන් යාමට බලාපොරොත්තු වෙන ස්ථාන ගැන ඇතුලත් කිරීම වැදගත්.

schedule

අවසානයට අපි අර කියපු තවත් අය මේ ගමනට සහභාගී වෙනවනම් ඒ අයගේ විස්තර ඇතුලත් ලිපිය මෙන්න මේකයි. මේ අය සඳහා වෙන වෙනම invitation and Guarantee letters අනවශ්‍ය උනත් වීසා අයදුම් පත නම් අනිවාර්යයි.

List of Applicants

Other applicants

--------------------------------------------------------------------------------------

හරි ඔන්න දැන් ඒ ලිපිගොනුවත් ඉවර නම් ඇරයුම් කරන්නාට කියන්න ඉහත ලිප්යේ සඳහන් අනෙකුත් ලියකියවිලිත් එක්කම මේ ලිපි ගොණුවම ඇරයුම් කරන්නා අතට පත් කරන්න කියල.

ඉන්පසුව මේ ලිපි ගොනු දෙකම ඇරයුම් කරු විසින් එකතු කරගෙන යන්න පුළුවන් තානාපති කාර්යාලයට වීසා එකට දාන්න.එහිදී මේ සියල්ල ඔබගෙන් ලබාගෙන සමහරවිට ප්‍රශ්න දෙක තුනකුත් ඔබෙන් අසාවි. ඉන් පසුව ඔබට නැවත පැමිණෙන්න දිනයක් ලබාදේවි. එහිදී ඔබට වීසා අනුමතවී ඇත්නම් වීසා ගාස්තු වශයෙන් යෙන් 3000 ක මුදලක් ( ලංකාවේ මුදලින් රුපියල් 3000 ට ආසන්න ගානක්) ගෙවල ගමන් බලපත්‍රය ලබාගන්න පුළුවන් වීසා සහිතව.යම් හෙයකින් වීසා නොලබීමක් සිදුවුවහොත් ගාස්තු ගෙවීමක් අවශ්‍ය වෙන්නෙ නැහැ.නමුත් ඔබට නැවත අයදුම්කළ හැකි වන්නෙ මාස 6 ක කාලසීමාවකට පසුවයි.

මේ හැම විස්තරයක්ම තානාපති කාර්යාල වෙබ් අඩවිය හොඳින් පිරික්සා බැලුවොත් ඔබට හොයාගන්න පුළුවන්. ඒ හින්ද මේ වගේ දේවල් වලට නිකන් සල්ලි නාස්ති කරගන්න එපා එක එක ආයතන වලට ගිහින්. මේ සඳහන් ලිපි වලට අමතරව වෙන ලියවිල්ලක් තානාපති කාර්යාලයෙන් ඉල්ලුවොත් එක්කො එම ලිපිය පසු දිනෙක ලබාදීම හෝ නැත්නම් ඒ ලිපියත් සමගම අයදුම් කිරීම සඳහා නැවත පැමිණෙන ලෙස තානාපති කාර්යාලයෙන් ඔබට දැනුම් දෙයි.

එහෙනම් සුභ ගමන් කියල නවතිනවා. තවත් රටකට සංචාරක වීසා අයදුම් කරන විදිය ඉඩ තියෙන වෙලාවක අරගෙන එන්නම්. ඒ ඇරුනම සුපුරුදු විදියට Short-Kutz අරගෙන වෙනත් ලිපියකින් නැවත මුණගැසෙමු.

- Short-Kutz -

3 comments:

Anonymous said...

ඔස්ට්‍රෙලියා සංචාරක වීසා ගැනත් දැනුවත් කරන්නකෝ

short.kutz said...

comment එකට බොහොම ස්තුති. ඕස්ට්‍රේලියා සංචාරක වීසා ගැන නම් මට වැඩි අත්දැකීමක් නෑ. නමුත් දන්න කියන අය ඉන්නවා ඒ දැනුම තියෙන. වැඩි විස්තර හොයාගෙන ඒ ගැනත් ඉදිරියේදී දාන්නම්. බොහොම ස්තුති

Ishan said...

ගොඩක් වටින ලිපියක් අදයි දැක්කෙ දිගටම ලියන්න
ස්තූතියි

අනික් රටවල් ගැනත් ලියන්න

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...