26 October 2011

◄ EXAM (2009) විභාගය

exam2009

     අදත් කියන්න යන්නෙ IMDB තුල 6.8 ක ratings ලබාගෙන තියෙන 2009 වසරේදී නිකුත්වුන තවත් සුපිරි සිනමා පටයක් ගැනයි. මුලින්ම කියන්න ඕන Action, Comedy, Horror, Sci-fi, Romance කියන කිසිම category එකකට මේ movie එක අයිති වෙන්නෙ නැහැ. මේක අයත් වෙලා තියෙන්නෙ thriller සහ Mystery කියන වර්ගයටයි. මෙහි අධ්‍යක්ෂණය Stuart Hazeldine විසින් සිදු කරන තිබෙනවා.මුල සිට අග දක්වාම කුතුහලය පිරුණු film එකක් මේක. හරි අපි බලමු කෙටි හැඳින්වීමක් දෙන්න.

    විභාගයක් කිව්වම ඉතින් අපි බහුතරයකට ටිකක් මුණ (බ්ලැක්)බෙරි වෙලා යනවනෙ. මේ කතාවෙත් තියෙන්නෙ විභාගයක් තමයි, ඇත්තෙන්ම කිව්වොත් මුළු film එකම දුවන්නෙ මේ විභාගය මතයි. මොකටද මේ විභාගේ? ඔව් ඉතාබලවත් සමාගමක රැකියාවකට බඳවාගැනීමේ පටිපාටියේ අවසාන තේරීම කරන්නෙ මේ විභාගයෙන් තමයි. අයදුම් කරුවන් 8 දෙනෙක්, එක් ප්‍රශ්නයක්, මිනිත්තු 80 ක කාල සීමාවක්. විභාග නීති රීති 3 ක්. මෙන්න නීති රීති,

  • හැඳින්වීම කරන පුද්ගලයාට හෝ ආරක්ෂාව සඳහා යොදා ඇති පුද්ගලයාට කතා කිරීම තහනම්.
  • විභාගය පැවැත්වෙන කාමරයෙන් පිටතට යාම තහනම්
  • පිළිතුරු ලබාදීමට දී ඇති කොලයට හානි කිරීම තහනම්.

විභාගශාලාව බාහිර පරිසරයෙන් වෙන්වන ලෙස සංවෘතව නිර්මාණය කල එකක්. ඔව් විභාගය ඇරඹුණ විට ඇතිවන ලොකුම ප්‍රශ්නය තමයි පිළිතුරු සපයන්න ප්‍රශ්නයක් නැති කම. ප්‍රශ්නය මොකද්ද? කොහෙද සැඟවිලා තියෙන්නෙ? උත්තරය හොයාගන්න පුලුවන්ද? බැරි වෙයිද? මේ ඔක්කොම බලාගන්න film එක බාගෙනම බලන්න.

400MB Mediafire Links : Part 1 , Part 2 , Part 3 , Part 4

Password : mediafire4u.com

- Short-Kutz -

25 October 2011

◄ වාවගනු බැරි තැනෙක...

 

කලකට ඉහතදී එළකිරි.කොම් හි පළකරපු මගේම නිර්මාණයක් Short-Kutz වලින් බෙදාගන්න හිතුන. හැමදාම එක එක දේවල් හොයාගෙන ගිහින් මහන්සි උන වෙලාවට කවියක් ලියන එක හිතට සැනසීමක්. මේ කවියෙන් මම කතා කරලා තියෙන්නෙ ලංකාවේ අලි ඇතුන්ට සහ මිනිසුන්ට තියෙන පොදු ප්‍රශ්නයක් ගැනයි. කියවලම බලන්න හොඳද කියල.

 

poem

◄Tomorrow, When the War Began (2010) යොවුන් සේනාංකය

 

tomorrow-when-the-war-began-poster

        

          අද කියන්න යන්නේ ලස්සනම ලස්සන ඕස්ට්‍රේලියානු සිනමා සිත්තමක් ගැනයි. Spellbinders වගේ ඕස්ට්‍රේලියානු කතා මාලා බලපු අපේ අයට ඒ කතාවල ගැබ්වුන වීරක්‍රියා, විද්යාප්‍රබන්ධ හොඳට හිතට ඇල්ලුවනේ. අන්න ඒ ජාතියෙම movie එකක් කිව්වොත් මේක ගොඩක් නිවැරදි. හරිම සුන්දරව ආරම්භයේ සිටම අවසානය දක්වා එක දිගට බලන් ඉන්න පුළුවන් බවට හොඳ සහතිකයක් දෙන්න පුළුවන්. IMDB හි 6.2 ක ratings ලබාගෙන ඇති මෙහි අධ්‍යක්ෂණය Stuart Beattie විසින් සිදු කරනු ලබයි.

       කතාව ගැන කෙටි හැඳින්වීමක් කරනවනම් ඕස්ට්‍රේලියානු යොවුන් තරුණ තරුණියන් 7 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ස්වභාවික සුන්දරත්වය විඳගන්න හිතාගෙන Camping trip එකක් යනව. මේ camping trip එක කරන අතරතුර ඔවුන්ට දැකගන්න ලැබෙනවා ඉහල අහසේ හිටපු ගමන් පියාසර කරන යුධ ගුවන් යානා කීපයක්. ඒ තරම් ගණනකට ගන්න දෙයක් නැති උනත් ඔවුන් ආපසු සංචාරය නිමාකර නිවෙස් බලා පැමිණෙන විට දැකගන්න ලැබෙන්නෙ කිසිදාක බලාපොරොත්තු නොවන සිද්දියක්.වෙනත් රටක් විසින් තමන්ගේ රට හිටි හැටියේම ආක්‍රමණය කර ඇති බව දැනගන්නා මොවුන් ඉදිරියට කරන්න යන්නේ මොකද්ද? පොඩි කොල්ලෝ කෙල්ලෝ 7 දෙනෙකුට මහා සේනාංකයක් සමග යුධ වදින්න පුලුවන්ද? කියන ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු හොයාගන්න film එක download කරගෙනම බලන්න.

Click Here - 700MB Torrent

◄Camera එකෙන් Computer එකට photos,videos යවන්න Eye-Fi

 

eye-fi-logo-4c

අද කාලෙ Digital camera එකක් නැති කෙනෙක් නෑනෙ. හැමෝම ළඟ විවිධ ආකාරයේ digital cameras තියෙනව. ලංකාවට 2001 වසරේ වගේ ඉඳං තමයි හෙමින් හෙමින් ඔය digital cameras එන්න ගත්තෙ. ඒ වෙනකොට digital camera එකක් බර ගානක්. ඒ වගේම ඒවයෙන් ගන්න photo print කරගන්න තිබ්බෙත් අතලොස්සක් වූ color labs සංඛ්‍යාවක් පමණයි. දන්නෝ දනිති. දවසින් දවස දියුණු වෙන මේ digital camera එක අපි දන්න දවසෙ ඉඳලම ඕකෙන් photo computer එකට දාගන්නෙ, එක්කො data(usb) cable එකක් හරහා camera එක කෙලින්ම පරිගණකයට සම්බන්ධ කරලා, එහෙම නැත්නම් camera එකේ තියෙන Memory Card එක card reader (built-in / external) එකක් භාවිතා කරලා computer එකට සම්බන්ධ කරලයි.

නමුත් wireless ක්‍රමයට ඔය digital cameras වල තියෙන photos, videos computer එකට ගන්න තියෙනම් හරි ලේසි නේද? එතකොට ඉතින් ගොඩක් දෙනෙකුට එන ප්‍රශ්නෙ තමයි “අයියෝ අපි ගාව කොහෙද Wi-Fi තියෙන කැමරා?” කියල.

eyefi

ඇත්තටම කිව්වොත් ඒකට විසඳුමක් හැටියට තමයි මේ Eye-Fi technology එක හඳුන්වලා දීල තියෙන්නෙ. ඔබ දැනටමත් කැමරාවේ භාවිතා කරන SDHC (Secure Digital High Capacity Cards) වලම වැඩි දියුණු කල cards වර්ගයක් තමයි මේක. මේ cards වර්ගයේ built-in wireless transmitter එකක් තියෙනව. ඒ නිසා කැමරාවේ wireless technology එක නැති උනාට ප්‍රශ්නයක් නැහැ. මේ wireless transmitter එකත් එක්ක එන memory cards වලට තමා Eye-Fi කියල කියන්නෙ. දැනට මේක 8GB , 4GB වගේ capacity වලින් තියෙනව කියලයි දැනගන්න ලැබෙන්නෙ.

eye

ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ebay එකේ තියෙනව. click

- Short-Kutz -

24 October 2011

◄ Software වලින් තොරව Partition එකක් හංගමු

 

Computer එක තමයි අද ගොඩක් අයගේ පෞද්ගලිකත්වයෙන් 80% පමණ දරණ උපාංගය. අපි ඉතින් ඕකෙ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න කීයක්‌ දේවල් කරනවද? folder locks දානවා, password protected files හදනවා, Folders hide කරනවා. එක විකාරයයි. software කීයක්‌ නම් ඕවට වෙනම install කරනවද. ඒවාට cracks, patchs, serial numbers හොයන්න ගිහින් ගෙඩි පිටින්ම virus උනත් බාගන්න අවස්ථා නැතුව නෙමෙයි.

ඉතින් ඊට වඩා කොච්චර ලේසිද අපිට වැදගත් හංගල තියාගන්න ඕන files හැම දෙයක්ම එක partiton එකකට දාල partition එක පිටින්ම hide කරලා දැම්ම නම්. software මුකුත් ඕනෙ නෑ. විනාඩි 2 න් වැඩේ කරන්න පුළුවන්. ආයෙ partition එක unhide කරන්නත් හරිම ලේසි.

1.මෙන්න මේ වගේ යන්න ඔයාලගේ My computer  වලට ගිහින් right click කරලා Manage කියන තැනට පිවිසෙන්න. එතකොට මෙන්න මේ වගේ පෙන්නයි.

hide

2.එහි storage යටතේ Disk management යන්න. ඉන්පසු රුපයේ අංක 2 සටහනේ ලෙසට hide කිරීමට අවශ්‍ය partition එක select කරගන්න.

3.ඉන්පසු එහි right click කර change drive letters and paths යන්නට පිවිසෙන්න.

4.පසුව ලැබෙන මෙම window එකේ remove යන්න click කරන්න.

hide 2

දැන් බලන්න partition එක hide වෙලා ඇති. ( මගේ hard disk එක patition කර නොමැති බව කරුණාවෙන් සලකන්න, මේ පිංතුර දැම්මෙ පැහැදිලි කිරීම සඳහා පමණි)

* unhide කරන්නෙ මෙහෙමයි. කලින් වගේම Computer Management–>Select drive–> Change drive letters and paths ගිහින් Add කියන එක තෝරගෙන කලින් අපි hide කරද්දි partition එකට ලබාදී තිබූ letter එකම දීල OK කරන්න.

- Short-Kutz -

23 October 2011

◄ Brothers ( සොහොයුරෝ ) 2009

 

brothers_poster-691x1024

     අදත් සුපිරි සිනමා සිත්තමක් ඔබට හඳුන්වා දෙන්න හිතුවා. මේකත් IMDB හි 7.2 ක Ratings අරගෙන තියෙනවා. ඔව් ඒ කියන්නෙ මේකත් maxxa කතාවක් තියෙන movie එකක්. 2009 වර්ෂයේදී නිකුත්වූ මේ Film එක Direct කරලා තියෙන්නෙ Jim Sheridan කියන අධ්‍යක්ෂකවරයා. ලස්සන තේමාවක් තියෙන කතාවක් ඇත්තටම.

     චිත්‍රපටය ගැන කෙටි හැඳින්වීමක් මෙසේ කරන්නම්. Sam Cahill කියන්නෙ ඇමරිකානු යුධ සෙබලෙක් (කපිතාන් වරයෙක්). දෙවන වරටත් ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් කටයුතු වලට යාමට පෙර ඔහු හිරෙන් නිදහස් උන ඔහුගේ බාල සහෝදරයා ගෙදර එක්කගෙන එනවා. Sam Cahill කියන්නෙ පාසල් කාලයේදී හොඳ ක්‍රීඩකයෙක්, තම බිරිඳට හොඳ ස්වාමි පුරුෂයෙක් වගේම තමන්ගේ දරුවන් දෙන්නට හොඳ පියෙක්. නමුත් ඔහුගේ බාල සහෝදරයා නිකන්ම නිකන් රස්තියාදු කාරයෙක්. බැංකුවක සිදුකල හොරකමකට අහුවෙලා තමයි හිරේ ගියෙත්. මේ අතරතුර Sam ට නැවතත් ඇෆ්ගනිස්තානය බලා මෙහෙයුම් රාජකාරි වලට යන්න සිද්ද වෙනවා. එහිදී අනතුරකට මුහුණ දෙන sam ආපසු ගෙදර එයිද? ඔහුගේ පවුල රැක බලාගන්නේ කවුද? ඔහුගේ සහෝදරයා කුමක් කරයිද? මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න චිත්‍රපටිය Download කරගෙනම බලන්න.

450Mb Mediafire Links

Part 1 , Part 2 , Part 3

Password : mediafire4u.com

- Short-Kutz -

◄ Android Apps, Windows වල Play කරමුද?

 

android-windows-pc-bluestack

Topic එක සහ ඉහත පින්තූරය දැක්ක ගමන් තේරෙනව ඇතිනේ මොකක් ගැනද කතා කරන්න යන්නෙ කියල. ඔව් අදත් දෙන්න යන්නෙ සුපිරි Short-Kut එකක්. Android කිව්වම ඉතින් කවුද නොදන්නෙ. mobile phone os වල අමුතුම පෙරලියක් කරානේ මේ හාදය. ඒත් windows පරිගණක වල android apps භාවිතා කිරීමේ ගැටළුවක් තිබ්බ. නමුත් මේකෙන් ඔයාලට පුළුවන් වෙනවා මෙච්චර කාලයක් තමන්ගේ android tab එකේ හෝ phone එකේ පාවිච්චි කරපු android apss, windows pc එකේ පාවිච්චි කරන්න. මරු නේද? ඔව් full screen දාගෙන play කරද්දී මරේ මරු. ඔබට දැනටමත් android phone එකක් තියෙනම් ඒ apps, pc ඒකත් එක්ක Sync කරන්නත් පුළුවන්. Android apps test කරන අයටත් මේක ගොඩක් වැදගත් වේවි. Hot smile

මෙන්න මෙයා තමයි ඒ වැඩේට අපිට උදව් වෙන්නෙ.

bluestack

 

මේ Video එකෙන් බලාගන්නකො මේ Software එකේ වැඩ ටික.

BlueStacks App Player

*හැබැයි මේක තාම Alpha development stage එකේ තියෙන්නෙ. තව තවත් ඉදිරියට වැඩිදියුණු කරයි අනිවාර්යෙන්ම.

මේ තියෙන්නෙ ඔවුන් සඳහන් කරන වැඩ කිඩ ටික Rolling on the floor laughing

  • Play Android Apps fast and full-screen
  • Push your favorite apps from your Android phone to your Windows PC using BlueStacks Cloud Connect
  • Run 10 pre-loaded apps "out of the box"
  • Install up to 26 more of your favorite apps
  • May not work fast on older tablets and netbooks
  • Available for Windows 7 and it's free

මෙතැනින් ගිහින් software එක download කරගන්න – CLICK HERE

- Short-Kutz -

22 October 2011

◄ Super 8 (කැළඹුණු නගරය) - 2011

 

super-8-new-movie-poster     Steven Spielberg කියන නම ඇහුවත් කට්ටිය පෝලිමේ ඇවිත් චිත්‍රපටිය බාගනී (DVDRip එකක් එනකන් බලන හිටපු අයටයි මේ).

     ඔව් Super 8 කියන්නෙ Steven Spielberg නිෂ්පාදනය කල J.J.Abrams අධ්‍යක්ෂණය කල තවත් සුපිරිම සිනමා සිත්තමක්. කවදත් SK-Movies වලින් ලබාදෙන්නේ හොඳ IMDB Rating එකක් තියෙන සුපිරි චිත්‍රපට පමණයි. මේ film එකත් IMDB එකේ ratings වලින් 7.4 ක අගයක් අරන් තියෙනවා. ඔන්න අද තමයි මේකේ හොඳ පිටපතක් මටත් හම්බ උනේ. එ හින්ද උණු උණුවෙම බෙදාගන්න හිතුව.

     කතාව පොඩ්ඩක් හඳුන්වලා දෙනවනම් 1979 වසරේ ග්‍රීස්ම ඍතුවේ Super 8 චිත්‍රපටිය පටිගත කරන්න යාළුවො කණ්ඩායමක් සැරසෙනව. පටි ගත කෙරෙන අතරතුර ඔවුන්ට දකින්න ලැබෙන්නේ දුම්රිය අනතුරක්. මෙය හදිසි අනතුරක් නොවන බවට සැක කරන මේ සෙට් එකට ටික දිනකින් තම නගරයේ අහන්න දකින්න ලැබෙන්නෙ අසාමාන්‍ය අතුරුදහන්වීම් සහ විවිධාකාරයේ පැටලිලි සහගත සිදුවීම් පෙළක්. ඔහියෝ නගරයේ වෙන මේ කැළඹිලි වලට හේතුව කුමක්ද යන්න බලන්න චිත්‍රපටිය බාගෙනම බලන්න

මෙතනින් ගිහින් torrent එක download කරගන්න

700MB torrent

- Short-Kutz -

◄ Goole තුළ සැඟවුණු Dictionary එක

 

google3

ඉංග්‍රීසි භාවිතයේදී අපිට දිනපතාම උනත් නොදන්නා වචන හම්බ වෙනවනෙ. ඒකට ඉතින් පොත් පෙරලගෙන dictionary හොයපු කාලෙ නිමා උනේ දැනට ටික කාලයකට උඩදී.හැබැයි ඉතින් වචනයක තේරුම සිංහලෙන් බලනවට වඩා ඉංග්‍රීසියෙන්ම බලාගන්න එක හොඳයි කියන එකයි මගේ නම් අදහස. ඉතින් google එකේ වචනේ ගහල තේරුම හෙව්වම නානාප්‍රකාර අඩවි එනවා. ඒකත් මහා හිසරදයක්නේ. ඉතින් google වලම තියෙන dictionary එක පාවිච්චි කරන විදියයි මේ කියන්න යන්නෙ. හරිම ලේසියි.

define” කියන වචනය මතක තබාගැනීම විතරයි අවශ්‍ය. google search box එකේ “Define” වචනය යොදල ඊටපස්සෙ තමන්ට තේරුම සොයාගන්නට අවශ්‍ය වචනය type කරලා search කරන්න විතරයි තියෙන්නෙ.

* මේ තියෙන්නෙ උදාහරණයක් විදියට මම “equilibrium” කියන වචනයේ තේරුම හොයන හැටි.

google

 

* ඔය තියෙන පුංචි speaker ලකුණ මත click කරාම වචනය උච්චාරණය කරන නිවැරදි විදියත් අහගන්න පුළුවන්.

* More Info කියන තැනට ගියොත් අප සොයපු වචනයේ වැඩි පැහැදිලිකිරීම් සහ තේරුම් බලාගන්නත් පුළුවන් මෙන්න මේ වගේ.

google 2

 

හරිනෙ එහෙනම් මීට පස්සේ define කියන වචනය විතරක් මතක තියාගන්න. Winking smile

- Short-Kutz-

21 October 2011

◄ The Pursuit of Happyness (ලුහුබැඳ ගිය සතුට)

ඔන්න Short-Kutz අද ඉඳල තවත් category එකක් ආරම්භ කරන්නයි යන්නෙ. ඒ Short-Kutz Movies (SK – Movies). මේකෙන් අපි ලස්සන චිත්‍රපටි ඔබට හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනව. අලුත් ඒවා වගේම පරණ ඒවත්. movie එකක් download කරගන්න කලින් හොඳ review එකක් දැක ගන්න තියෙනවනම් බය නැතුව download කරන්නපුලුවන්නෙ. අන්න ඒවගේ හොඳ කතාවක් තියෙන ලස්සනම ලස්සන movies විතරයි මේකෙ දාන්නෙ.

The Pursuit of Happyness (2006) (ලුහුබැඳ ගිය සතුට)

The_Pursuit_of_Happyness - Poster

 

 

           2006 වර්ෂයේදී එලි දැක්වී තිබෙන මෙම චිත්‍රපටිය Will Smith ප්‍රධාන රංගනයෙන් දායක වෙනව. මිනිත්තු 117 පුරා දිවෙන මෙම චිත්‍රපටියට IMDB තුල 7.8 ක ratings හම්බ වෙලා තියෙනව. ඉතින් හිතන්නකො කතාව කොච්චර ලස්සන ඇත්ද කියල. කතාව ගැන කෙටි හන්දිවීමක් කරන්නම් එහෙනම්.

        ඇත්තම කිව්වොත් මේක මම බලපු films වලින් ලස්සනම එකක්. නැවත නැවත උනත් බලන්න පුළුවන්. හරිම සංවේදී කතාවක්. මේ කතාව ගොඩනැගෙන්නෙ සත්‍ය කතාවක් ඇසුරින්. Christopher Gardner කියන්නෙ වෛද්‍ය වෙළඳ උපකරණ වර්ගයක් විකුණන වෙළඳ නියෝජිතයෙක්. ඔහු එම උපකරණ ලබාගන්නෙ ලොකු ආයෝජනයක් කරල. ඒ කොතෙක්ද කියනවනම් මොවුන්ගෙ පොඩි පුතා සහ බිරිඳ ඇතුලත් පවුලම මුදල් හදල් පැත්තෙන් ලොකු අගාධයකට වැටිලයි ඉන්නෙ. කොහොම නමුත් Christopher Gardner කියන්නෙ අධෛර්‍යමත් පුද්ගලයෙක් නෙමෙයි. නමුත් කොච්චර අධෛර්‍යමත් පුද්ගලයෙක් උනත් ජීවිතයේ දරාගන්න බැරි තරම් ප්‍රශ්න එනකොට අසරණ වෙනව. ඒ අසරණකම්, බාධක අතරින් Christopher Gardner ජීවිතය ගෙනියන්නෙ කොහොමද කියල film එක download කරගෙනම බලන්න. ඇහැට කඳුළු එකතු වෙන සංවේදී ලස්සනම ලස්සන කතාවක්. ඕන කෙනෙකුට ගැලපෙනවා.

මෙන්න 300 MB Mediafire Links

Part – 1 , Part – 2 , Part – 3 , Part – 4

Password - urgrove.com

*Files ටික extract කරගන්න HJSplit භාවිතා කරන්න. Click Here (190KB)

20 October 2011

◄ නිකන් ඉඳල USA යන්න නොමිලේම Green Card Apply කරමු.

GreenCard-800x513

USA යන්න අපේ කට්ටිය Student visa, Tourist Visa අනම් මනං කීයකට apply කරත් visa එක ගන්න හරි අමාරුයි නෙ. ඉතින් නිකන් දෙන වෙලාවේ අතින් පයින් ගානක් යන්නෙ නැත්නම් apply කරල බලමුකෝ. 100% ක්ම free, සත පහක් යන්නෙ නෑ. බොරුවට ඕකට application දානවා කියල සල්ලි කඩාගන්න අයත් ඉන්නවනෙ. එයාලගෙන් දැම්ම කියල කිසිම අමතර වාසියක් නම් වෙන්නෙ නැහැ green card එක ලැබීමට.

මේ පාර 2013 – Diversity Visa Lottery එකට දැන් application භාරගන්නවා. මේක පටන් ගත්තෙ ඔක්තෝම්බර් 4 වෙනිදා, නොවැම්බර් 5 වෙනිදා වෙනකන් ඉල්ලුම් කරන්න පලුවන්. ඒ හින්ද දැනුත් පරක්කු නෑ. ඉක්මන් කරන්න.

මෙන්න link එක - Click Here

වැඩේ පටන් ගන්න කලින් මුලින්ම හොඳට මේ කරුණු ටික අවබෝද කරගන්න.

1. අයදුම් කරන පලවෙනි පාරෙන්ම නිවැරදිව අයදුම් පත්‍රය යොමු කරන්න වග බලාගන්න.

2. එක් අවස්ථාවකට වඩා අයදුම් කිරීමෙන් ඔබේ අයදුම් පත නොසුදුසු තත්වයට පත්වෙනවා.

3. චායාරූපය ඔවුන්ගේ විස්තර වලට අනුකුලවන විදියටම හදාගන්න. තමන් යොමු කරන්න බලාපොරොත්තු වන චායාරූපයේ වැරදි නිවැරදි භාවය මෙන්න මෙතනට photo එක Upload කරල බලාගන්න පුළුවන්. Photo Validator

4. අධ්‍යාපන සුදුසුකම් විදියට සාමාන්‍ය පෙළ සමත්වී තිබීම හොඳටම ප්‍රමාණවත්.

5. අයදුම් පත පුරවල අවසන් උනාට පස්සෙත් දෙවෙනි වරටත් ඔබේ දත්තයන් නිවැරදිද බලාගන්න අවස්තාවක් දෙනවා.ඒ හින්ද දෙවෙනි වරටත් පරීක්ෂා කර බලා අයදුම් පත submit කරන්න.

6. අයදුම්පත සාර්ථකව යොමු උනාට පස්සෙ, Entrant Name, COnfirmation Number, Birth Year සහ Digital Signature කියන විස්තර සහිත page එකක් එනවා. ඒක close කරල දන්න එපා. එක්කො එකේ print out එකක් හරි අඩුම වශයෙන් screen shot එකක් හරි අරගෙන පරෙස්සම් කරල තියාගන්න.

මේ විස්තර ටික නැති උනොත් අපිට green card වලට select උනා කියල වත් දැනගන්න බෑ. මොකද අපිට ලියුමක් හෝ e-mail එකක් මගින් තෝරගනිපු බව දැනුම් දෙන්නෙ නැහැ. එයාලගේ site එකටම ගිහින් අපේ confirmation number එක දීල තමයි අපේ අයදුම් පතේ තත්වය බලාගන්න වෙන්නෙ.( From Here )

Application status එක අපිට 2012 මැයි 1 වෙනිදා සිට 2013 අප්‍රේල් 30 යන කාල පරාසය ඇතුලත බලාගන්න පුළුවන්. එහෙනම් Application එකක් දාල බලන්න. Short-Kutz ගෙන් සුභපැතුම්.green card හම්බ උනොත් අපිටත් ඇවිත් කියල යන්න හොඳේ Winking smile

තවත් වැඩි විස්තර ඕනෙ නම් මෙතන බලන්න Click Here

- Short-Kutz -

19 October 2011

◄ මුහුණු පොතේ ආරක්ෂාවට { Facebook's privacy settings}

 

Facebook කියන්නෙ දැන් ඉතින් අන්තර්ජාලයේ අපේ මහගෙදර වෙලානෙ තියෙන්නෙ, අම්මල තාත්තලට උනත් කොල්ල/කෙල්ල ගැන ඇහැ ගහන් ඉන්න නම් හොඳම වැඩේ facebook ගිණුමක් ආරම්භ කිරීමයි. මොකෝ ගෙදර නැති උනත් කොල්ල FB එකේ online Disappointed smile

mobile phones, iPad, Tabs අරවද මේවද හැම එකෙන්ම අපේ කට්ටිය facebook එනවනේ දැන්. ඕකෙන් ලොකුම ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නෙ අපේ පෞද්ගලිකත්වයටනේ. තමන්ගෙ privacy settings කොච්චර හදාගෙන හිටියත් ඔය ගොල්ලො දැකල ඇති අපේ යාළුවො භාවිතා කරන සමහර apps, websites වලින් අපේ විස්තර ලබාගෙන තියෙනවා. උදා : උපන් දින, status updates..වගේ ඒවා. Confused smile

යාලුවෙකුට අපේ විස්තර බලන්න අවසර දුන්නට අපි නොදන්නා apps වලට websites වලට අපේ තොරතුරු access කරන්න අවසර ලැබෙනවා කියන්නෙ privacy ගැන හිතන අයට නම් ලොකු ගැටළුවක්. ඒත් හරියට settings හදා ගතහොත් ඒ කරදරෙත් ඉවරයි. ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි. Hot smile

1. තමන්ගෙ facebook ගිණුමට log වෙලා, "privacy settings" තුලට පිවිසෙන්න

2v8sps8

 

2. මෙහිදී ලැබෙන "Apps and Websites" හි "Edit settings" තුලට පිවිසෙන්න

1262xz9

 

3. මෙහිදී "How people bring your info to apps they use" යන්නට අදාලව ඇති "Edit setting" තුලට පිවිසෙන්න.

333zbe1

 

4. මෙහිදී ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබගේ ගිණුමෙහි තොරතුරු apps වලට access කිරීමට ලබාදීම හෝ නොදීම තෝරා ගත හැකිය. Save කරන්න අමතක කරන්න එපා හරිය Nyah-Nyah

25f7ner

-----------------------------------------------------------------------------------------------------

(කොහෙන් වත් ඉස්සුවා කියල කියන්නෙපා එළකිරියේ මේක දැම්මෙත් මම තමයි Smile with tongue out )

- Short-Kutz -

18 October 2011

◄ජපානයට සංචාරක වීසා ලබාගැනීම - 2 කොටස

ඔන්න පොරොන්දු උන විදියටම අද කතා කරන්න යන්නෙ පහුගිය කොටසෙන් කියපු ලිපි ගොනුවට අදාළ ලිපි ලේඛන සකස් කරගන්නේ කෙසේද කියලයි. පහුගිය කොටස බලපු නැති අය ඉන්නවනම් මුලින්ම ඒ කොටස බලල ඉන්න කියල ආරාධනාවක් කරනවා.

◄ ජපානයට සංචාරක වීසා ලබාගැනීම - 1 කොටස

එහිදී මම අවශ්‍ය කරන ලිපි ලේඛන කොටස් දෙකකට වර්ග කරා,

  • ඔබ විසින් එක්රැස් / සකසා ගතයුතු ලිපි ලේඛන
  • ඇරයුම්කරු විසින් ඔබ වෙත සැපයිය යුතු  ලිපි ලේඛන

මෙහිදී ඔබ විසින් සකසා ගතයුතු ලිපි ලේඛන වලින් වැදගත් වෙන්නෙ වීසා අයදුම් පත්‍රයයි. අනිත් ලිපි ලේඛන සියල්ල එක් රැස් කරගැනීම පමණක් අවශ්‍ය වන නිසා ඒ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒ හින්ද අපි බලමු නිවැරදිව වීසා අයදුම්පත්‍රය පුරවගන්නේ කොහොමද කියල. තානාපති කාර්යාලයට ගියාට පස්සෙ ඔබට අයදුම්පත්‍රය ලබාගන්න අවශ්‍ය වෙබ් ලිපිනය ලබාදීම තමයි සිදු කරන්නෙ. එය ලබාගෙන අතින් පිරවීම හෝ පරිගණකය මගින් යතුරුලියනය කිරීම යන ක්‍රම දෙකම වලංගුයි. මේ තියෙන්නෙ ඔබ අයදුම් පත්‍රය පිරවිය යුතු නිවැරදි ආකාරය පෙන්වන උදාහරණයක්, පැහැදිලි කිරීම් සහිතවම මම දාල තියෙන්නෙ. රූපය විශාලනය කරල බැලුවම හැමදෙයක්ම පැහැදිලි වෙයි.

Visa Application

අයදුම් පත්‍රය නිවැරදිව පුරවා ගත්ත කියන්නෙ. පළමු ලිපි ලේඛන ගොන්නෙ අනිත් ලිපි ලේඛන ටිකත් එකතු කර ගත්තම පළමු ගොනුව නිම කරගෙන ඉවරයි කියන එකයි.

මේ හැමදෙයක්ම තානාපති කාර්යාලයේ වෙබ් අඩවියේ සටහන් උනත් සමහර අය මේවා බලන්නෙ නැතුව දාල තමයි වැඩ වරද්ද ගන්නෙ.ඒකයි මේ හැම එකම පැහැදිලි සිංහලෙන් මම කියල දෙන්නෙ.

වීසා අයදුම් පත්‍රය ලබා ගැනීමට මෙතනට යන්න

---------------------------------------------------------------------------------

දැන් පලවෙනි ලිපි ගොනුව ඉවර හින්ද අපි යමු දෙවෙනි ලිපි ගොනුවට. ඒ ලිපි ගොනුවෙනුත් ඇරයුම් කරන්නා විසින්ම සකසා ගත යුත්තෙ ලිපි ලේඛන 3 ක් විතරයි, අනිත් සියල්ල තමාගේ ගමන් බලපත්‍ර කොපියක්, පදිංචි සහතිකය වැනි එක් රැස් කරගැනීම පමණක් අවශ්‍ය ලිපි ලේඛන.

අපි බලමු ඇරයුම් කරන්නා විසින් සකසා ගත යුතු ලිපි ලේඛන 3 මොනවද කියල.

  1. Letter of Reason for invitation (ඇරයුම් කිරීමේ හේතුව සඳහන් ලිපිය)
  2. Letter of guarantee (අයදුම් කරන්නා වෙනුවෙන් වගවීමේ ලිපිය)
  3. Schedule of stay (කාල සටහන)

මේ ලිපි තුනම තානාපති කාර්යාලයේ වෙබ් අඩවියෙන් ලබාගන්නයි තියෙන්නෙ.ඇරයුම් කරන්නාට තියෙන්නෙ ඒ තුන අරගෙන අදාළ තොරතුරු ඇතුලත් කරල පිරවීම පමණයි.හරිම ලේසියි.

මෙන්න මෙතනින් ඒ ලියකියවිලි ගොණුවම භාගත කරගන්න

මීට අමතරව තව එක දෙයක් ඕන වෙනව.ඒ තමයි ඔබත් එක්ක සංචාරයට තවත් පුගලයෙකු හෝ කිහිප දෙනෙක් එකතු වෙනවනම් ඔවුන්ගේ විස්තර ඇතුලත් ලියවිල්ල. ඒක List of Applicants කියල හඳුන් වනවා. ඒක මෙතනින් ගන්න පුළුවන්.

List of Applicants

* අවධාරණය කරගත යුතු දෙයක් තමයි ඔබත් සමග තව අය වීසා අයදුම් කරනවානම් ඒ හැම කෙනෙකුටම වෙන වෙනම Guarantee and Invitation Letters අවශ්‍ය වෙන්නෙ නැහැ.

අපි බලමු එකින් එක දැන් මේ ලිපි පුරවා ගන්නෙ කොහොමද කියල,

1. Letter of Reason for invitation (ඇරයුම් කිරීමේ හේතුව සඳහන් ලිපිය)

මෙන්න මේ රූපයේ පැහැදිලිවම විස්තරත් එක්ක පුරවන විදිය මං සටහන් කළා. image එක උඩ click කරානම් පැහැදිලිව බලාගන්න පුළුවන්.

invitation

 

2. Letter of guarantee (අයදුම් කරන්නා වෙනුවෙන් වගවීමේ ලිපිය)

ඔන්න ඒකත් සවිස්තරවම රුපයේ සටහන් කරලයි තියෙන්නෙ.පැහැදිලිව බලාගන්න image එක මත click කරන්න.

guarantee

 

3. Schedule of stay (කාල සටහන)

මේ ආකාරයට ඔබ ජපානයේ ගත කරන දින පිළිබඳව සවිස්තර කාල සටහනක් ඉදිරිපත් කරන එක ගොඩක් වටිනවා. ඒ නිසා මෙම කාල සටහනට සියලු ගමන් බිමන් යාමට බලාපොරොත්තු වෙන ස්ථාන ගැන ඇතුලත් කිරීම වැදගත්.

schedule

අවසානයට අපි අර කියපු තවත් අය මේ ගමනට සහභාගී වෙනවනම් ඒ අයගේ විස්තර ඇතුලත් ලිපිය මෙන්න මේකයි. මේ අය සඳහා වෙන වෙනම invitation and Guarantee letters අනවශ්‍ය උනත් වීසා අයදුම් පත නම් අනිවාර්යයි.

List of Applicants

Other applicants

--------------------------------------------------------------------------------------

හරි ඔන්න දැන් ඒ ලිපිගොනුවත් ඉවර නම් ඇරයුම් කරන්නාට කියන්න ඉහත ලිප්යේ සඳහන් අනෙකුත් ලියකියවිලිත් එක්කම මේ ලිපි ගොණුවම ඇරයුම් කරන්නා අතට පත් කරන්න කියල.

ඉන්පසුව මේ ලිපි ගොනු දෙකම ඇරයුම් කරු විසින් එකතු කරගෙන යන්න පුළුවන් තානාපති කාර්යාලයට වීසා එකට දාන්න.එහිදී මේ සියල්ල ඔබගෙන් ලබාගෙන සමහරවිට ප්‍රශ්න දෙක තුනකුත් ඔබෙන් අසාවි. ඉන් පසුව ඔබට නැවත පැමිණෙන්න දිනයක් ලබාදේවි. එහිදී ඔබට වීසා අනුමතවී ඇත්නම් වීසා ගාස්තු වශයෙන් යෙන් 3000 ක මුදලක් ( ලංකාවේ මුදලින් රුපියල් 3000 ට ආසන්න ගානක්) ගෙවල ගමන් බලපත්‍රය ලබාගන්න පුළුවන් වීසා සහිතව.යම් හෙයකින් වීසා නොලබීමක් සිදුවුවහොත් ගාස්තු ගෙවීමක් අවශ්‍ය වෙන්නෙ නැහැ.නමුත් ඔබට නැවත අයදුම්කළ හැකි වන්නෙ මාස 6 ක කාලසීමාවකට පසුවයි.

මේ හැම විස්තරයක්ම තානාපති කාර්යාල වෙබ් අඩවිය හොඳින් පිරික්සා බැලුවොත් ඔබට හොයාගන්න පුළුවන්. ඒ හින්ද මේ වගේ දේවල් වලට නිකන් සල්ලි නාස්ති කරගන්න එපා එක එක ආයතන වලට ගිහින්. මේ සඳහන් ලිපි වලට අමතරව වෙන ලියවිල්ලක් තානාපති කාර්යාලයෙන් ඉල්ලුවොත් එක්කො එම ලිපිය පසු දිනෙක ලබාදීම හෝ නැත්නම් ඒ ලිපියත් සමගම අයදුම් කිරීම සඳහා නැවත පැමිණෙන ලෙස තානාපති කාර්යාලයෙන් ඔබට දැනුම් දෙයි.

එහෙනම් සුභ ගමන් කියල නවතිනවා. තවත් රටකට සංචාරක වීසා අයදුම් කරන විදිය ඉඩ තියෙන වෙලාවක අරගෙන එන්නම්. ඒ ඇරුනම සුපුරුදු විදියට Short-Kutz අරගෙන වෙනත් ලිපියකින් නැවත මුණගැසෙමු.

- Short-Kutz -

17 October 2011

◄ජපානයට සංචාරක වීසා බලපත්‍රයක් අයදුම් කරමු

මුලින්ම කට්ටියගෙන්ම සමාව ඉල්ලලා ඉන්න ඕන බ්ලොග් එක දිහා මාස ගානක් ඇහැක් වත් ඇරලා බලන්න බැරි උන එකට. ගොඩක් කල් අදුන වැඩක් නිසා කෙලින්ම මාතෘකාවට බහිමු.

අපි අද කතා කරන්න යන්නෙ ජපානයට සංචාරක වීසා බලපත්‍රයක් ලබාගැනීමේදී තානාපති කාර්යාලය වෙත නිවැරදිව ලිපි ගොනුවක් ඉදිරිපත් කරන්නෙ කොහොමද කියල කතා කරන්නයි.

මුලින්ම කියන්න ඕන ව්‍යාජ ලිපි ලේඛන නම් ඉදිරිපත් කරන්න හිතන්න එපා. එහෙම උනොත් තානාපති කාර්යාලයෙන් එලියට බහිද්දිම 4 වෙනි තට්ටුවට යන්න පුළුවන්. හික් හික්..

හරි, ජපානයට සංචාරක වීසා බලපත්‍රයක් ලබාදීමේදී එය දවස් 14 සිට 90 දක්වා කාල පරාසයක් සඳහා තමයි නිකුත් කරන්නෙ. මේ සඳහා අවශ්‍ය වන්නෙ බොහොම සුළු ලිපි ලේඛන සංඛ්‍යාවක් තමයි. ඒවායේ නිරවද්‍ය භාවය අව්‍යාජ භාවය සහ තානාපති කාර්යාලයෙන් ඔබේ අයදුම් කිරීමට ලැබෙන තෘප්තිමත් භාවය මත ඔබට වීසා ලැබීම හෝ නොලැබීම තීරණය වෙනව.

මුලික වශයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ජපානය කියන්නෙ ජීවන වියදම (cost of living) වැඩිම රටක්. ඒ රටේ වැසියන්ගේ වෙතනයට සාපේක්ෂව ඒක සාමාන්‍ය දෙයක් උනත් අපේ වගේ රටකට ඒක ඉහල අගයක්. ඒ නිසා සංචාරයකට වීසා බලපත්‍රයක් ලබාගැනීමට අයදුම් කරනවානම් ඔබේ මුල්‍යමය හැකියාව ඉතා යහපත් මට්ටමක පැවතිය යුතුයි.

හැබැයි ඔබට ජපන් මිතුරු මිතුරියන් සිටිනවා නම්, එහි නීත්‍යානුකුලව පදිංචි ඥාතියෙක් හෝ යහළුවෙක් සිටිනවානම් ඔබට ඔවුන් මගින් ආරාධනාවක් (invitation) ලබාගෙන වීසා බාපත්රයට අයදුම් කල හැකියි. සහ එය තමයි සාර්ථකම ක්‍රමය. මොකද අපේ බහුතරයකට ජපානයේ සංචාරයකට ගිහින් ඒ වියදම දරන්න අමාරු බව තානාපති කාර්යාලය දන්නව.

-------------------------------------------------------------------------------------------------------


අපි මුලින්ම බලමු ඒ ආකාරයට යහළුවෙක්,ඥාතියෙක්, දන්නා හඳුනන කෙනෙක් මගින් ඇරයුමක් සහිතව වීසා බලපත්‍රයකට අයදුම් කිරීමේදී අවශ්‍ය වන ලියකියවිලි මොනවද කියල.

■ ඔබ විසින් එක්රැස් කර ගත යුතු ලිපි ලේඛන.


1. ගමන් බලපත්‍රය
2. 45mm x 45mm ප්‍රමාණයේ වර්ණ චායාරුපයක්
3. වීසා අයදුම් පත්‍රයක්.
4. ගුවන් ටිකට් පතක් ලබාගැනීම සඳහා කලින් වෙන්කරවා ගැනීමක් සිදුකල බවට ගුවන්         ප්‍රවේශ  පත්‍ර අලෙවි ආයතනයකින් ලබාදෙන ලිපිය.
5. ඇරයුම් කරන්නාට ඇති ඥාතීත්වය/හැඳුනුම් කම/මිත්‍රත්වය තහවුරු කරන්නාවූ ලිපි ලේඛන. උදා:  උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, චායාරූප, ලියුම්, ව්දියුත් තැපැල් ලිපි.
6. ගමන් වියදම දැරිය හැකි බව තහවුරු කිරීමට අවශ්‍ය ලිපි ලේඛන.                              
 උදා: ආදායම් වාර්තා, වැටුප් ලැබීම් අදාළ ලිපි, බැංකු වාර්තා

■ ඇරයුම් කරු විසින් ඔබ වෙත සැපයිය යුතු ලිපි ලේඛන.


1. Letter of Reason for invitation (ඇරයුම් කිරීමේ හේතුව සඳහන් ලිපිය)
2. Letter of guarantee (අයදුම් කරන්නා වෙනුවෙන් වගවීමේ ලිපිය)
3. Schedule of stay (කාල සටහන)
4. ඇරයුම් කරන්නාගේ ආදායම් සහතික, බැංකු වාර්තා, බදු ගෙවීමේ වාර්තා යන ලිපි ලේඛන වලින් එකක්.
5. ඇරයුම් කරන්නාගේ පදිංචි සහතිකය.
6. ඇරයුම් කරන්න්නා ජපන් ජාතිකයකු නොවේ නම් ඔහුගේ ගමන් බලපත්‍රයේ චායාපිටපතක්, සහ ඔහුගේ ජපානයේ හැඳුනුම් පත්‍රය, රියදුරු බලපත්‍රය වැනි ලියාපදිංච් සහතික.

---------------------------------------------------------------------------------------------------

ඔන්න ඕවා තමයි අවශ්‍ය කරන සම්පුර්ණ ලිපි ලේඛන ගොනුව. පොඩ්ඩක් බරපතලයි වගේද? බය වෙන්න එපා එකින් එක පැහැදිලිව කියල දෙන්නම් ඊළඟ ලිපියෙන්. ඒ ලිපියත් ඉක්මනටම අරගෙන එන්නම්.

- Short-Kutz -

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...